ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්වෙනවා - ඇමති බන්දුල

    මැයි 14, 2024

    ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන්කර ඇති බැවින් මෙම වසර තුළදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    පළාත් පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගත් අයගෙන් සමහර රජයේ සේවකයන් සිටින නිසා ඔවුන් රැකියා වල නිරත වීම සහ වෙනත් කටයුතු වලදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපෑම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කරුණු ඉදිරිපත් වන නිසා නීතිපතිතුමාගෙන් සහ අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කර නාමයෝජනා භාරගෙන ඇති පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා අගමැතිට උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය.

    පළාත් සභා ඡන්දය ආරවුල් ක්‍රමවේදයන්ගෙන් තොරව පැවති ක්‍රමවේදයටම කාන්තා නියෝජනයත් ඇතුලත් වන පරිදි ලබන වර්ෂය තුළදී පැවැත්වීමට නීතිපතිතුමා, මැතිවරණ කොමසාරිස්තුමා සහ පක්ෂ නායකයන් සමග සාකච්ඡා අරඹන ලෙස අගමැතිවරයාට ජනාධිපතිතුමා දැනුම්දුන් බවද ඒ අනූව අත්‍යවශ්‍යෙයන්ම පළාත් සභා ඡන්දය පැවැත්වෙන බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya