ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම් බිත්තරයෙන් සවියක්

    මැයි 14, 2024

    වර්තමානයේ නගරාශ්‍රිත වෙළදපොළෙහි සාමාන්‍ය බිත්තර වලට වඩා ගම් බිත්තර වලට ඇත්තේ විශාල ඉල්ලුමකි. එමෙන්ම නගරාශ්‍රිත වෙළදපොළෙහි ගම් බිත්තර දක්නට ඇත්තේද දුලබවය. රැකියාවට යන කාර්යබහුල මවුවරුන් සිය කුඩා දරුවන්ට ගම් බිත්තරයක් ලබාදීමට හැකිනම් සතුටු වෙයි.

    මොකක්ද මේ ගම් බිත්තරයේ සහ නිකන් බිත්තරයේ වෙනස?

    සාමාන්‍ය කිකිළි බිත්තරයකට සාපේක්ෂව ගම් කිකිළි බිත්තරයක කහ මදය තද තැඹිලි පැහැයෙන් යුක්ත වනවා. මෙයට හේතුව ගමු ආශ්‍රිතව හැදී වැඩෙන කිකිළියන් විවිධ ආහාර ද්‍රව්‍ය අහුලා කමින් විවිධ කොළ වර්ග අනුභව කිරීම හේතුවෙන් කැරොටිනොයිඩ වැඩි වශයෙන් එහි අනුතර්ගත වීමයි. විටමින් ඒ තැන්පත් වීමද තරමක් වැඩි ස්වභාවයක් ගම් බිත්තර වල දක්නට ලැබෙනවා.

    Screenshot 2024 05 14 120056

    ගම් බිත්තර සාපේක්ෂව හිගයි නේද?

    ගෙවල් ළග කඩෙන්, සුපිරි වෙළද සැලෙන් අපිට සාමාන්‍ය බිත්තර බොහෝ අවස්ථා වල මිලදී ගන්න පුළුවන්. නමුත් ගම් බිත්තර අපිට හිතුණු වෙලාවක පහසුවෙන් හොයාගන්න බැහැ.. මේවා වෙළදපොළෙහි දුලබයි.

    ගම් බිත්තර ගණන් වැඩියි.. අගෙත් වැඩියි.. ගුණෙත් වැඩියි...

    කවුද මෙහෙම කියන්නේ? පාරිභෝගිකයන්... වෙළදපොළෙහි තරමක් දුර්ලභ වන නිසාම සාමාන්‍ය බිත්තරයකට වඩා පෝෂණ ගුණයෙන් වැඩි යැයි විශ්වාස කරන නිසාම ගම් බිත්තරයකට ඇත්තේ වැඩි අගයකි.. වැඩි වටිනාකමකි. වර්තමානයේ සාමාන්‍ය කිකිළි බිත්තරයක් රුපියල් 50කට අලෙවි වන විට ගම් බිත්තර රුපියල් 60කට පමණ අලෙවි වෙයි.. ඇතැම් වෙළදසැල් වල තත්ත්වය මීටත් වෙනස්ය. බොහෝදෙනා පවසන්නේ ගම් බිත්තරයක් ඇතැම් ස්ථාන වල රුපියල් 100කට ආසන්නවද අලෙවි වන බවයි.

    ආර්ථිකව එතරම් ශක්තියක් නොමැති කෙනෙකුට වුවද සිය පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැන්මට මෙන්ම අඩු මුදලකින් විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වන්නේ බිත්තරයක් අනුභව කිරීම මගිනි.

    වර්තමානයේ මෙම පෝෂණ අවශ්‍යතාවය බොහෝ දෙනාට ගම් බිත්තරයකින් සපුරාගැනීමට හැකිවන්නේ නම් මැනවි. ඒ සදහා ගම් බිත්තර සුලභ කළ යුතුය. මේ සදහා ගම් බිත්තර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දස දහසක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළක්  ‘’සුභසාධනයෙන් ව්‍යවසායකත්වයට’’ යන තේමාව යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පැස්කුවල් හා ඩී.බී. හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පසුගියදා (28) මුලපිරුණි.

    අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දොළහක් සවිබල ගැන්වීම මෙහි අපේක්ෂාව වන අතර, මූලික අදියර ලෙස කළුතර හා කුරුණෑගල  දිස්ත්‍රික්ක දෙක මුල් කරගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස වැඩසටහන ආරම්භ කර ඇත.

    මේ පිළිබදව වූ අවබෝධතා ගිවිසුමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙනුවෙන් සමෘද්ධි සංවර් ධන දෙපාර්තමේන්තුවද කෘෂිකර් ම හා වැවිලි කර් මාන්ත අමාත්‍යාංශය හා පසු සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද අත්සන් කළේය.

     ඒ අනුව කළුතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි  එක දිස්ත්‍රික්කයකට නිෂ්පාදන ගම්මාන පනහ බැගින් ගම්බිත්තර නිෂ්පාදන ගම්මාන සීයක් ආරම්භ කිරීමට අපේක්ෂිත අතර එක් ගම්මානයක ව්‍යවසායක පවුල්  සීයක් සහ එක් පවුලකට කුකුල් පැටවුන් සියයක් ලබාදීමටද නියමිතය.

    එමගින් රටේ ගම්බිත්තර නිෂ්පාදන ව්‍යවසායකයින් දස දහසක් නිර් මාණය කෙරෙන අතර ජාතික පෝෂණ අවශ්‍යතාවය සඳහා ගම්බිත්තර ලබා ගැනීමට අවශ්‍ය පරිසරයද සකස් වනු ඇත.

     අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම ඉහළ නැංවීමද මෙමගින් අපේක්ෂිත අතර අතිරේක ඵලයක් ලෙස වෙළඳපොළට ගම් කුකුල් මස් සැපයීමටද හැකිවනු ඇත. ව්‍යවසායකයින්ට අවශ්‍ය අරමුදල් උදෙසා සහන පොළී ණය ලබාදීමට සමෘද්ධි බැංකු හරහා සිදු කෙරෙන අතර අවශ්‍ය තාක්ෂණික සහය හා ගොවිපළ පාලනය පිළිබඳව සහාය මෙන්ම  මූලික අදියරේ ගම් බිත්තර හෝ ගම් කුකුළු පැටවුන් ලබාදීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

     ව්‍යාපෘතිය  2024 මැයි සිට 2027 අප්‍රේල් තෙක් වසර තුනක් සඳහා බල පැවැත්වේ. පසුගිය කොරෝනා සමයේ සත්ව පාලන ක්ෂේත්‍රයේ ඇති වූ පසුබෑම මත වෙළඳපළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය නොලැබීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදුවූ අතර, එම තත්ත්වය මේ වන විට ක්‍රමිකව පාලනය කරගෙන ඇති බවත්, එදා පැවැති ගමේ පෝෂණ රටාව යළි අත්පත් කරදීමටත්, ගම තුළ ව්‍යවසායකයන් නිර් මාණය කිරීමටත් මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉ‍ටු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සදහන් කරයි.

    රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පවසන්නේ සුභසාධක රාජ්‍යයෙන් ව්‍යවසායක රාජ්‍යයක් නිර් මාණය කිරීමේ අරමුණ මේ හරහා ජය ගැනීමට හැකි වන අතරම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සමෘද්ධි සංවර් ධන බැංකුව හරහා ලබාදීමට හැකි බවයි..

    ගම් බිත්තරයෙන් පෝෂණ අවශ්‍යතාවය සපුරමින් ගතට සවියක් වනවා සේම ගම් බිත්තර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දස දහසක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ මගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දොළහක් සදහාද ගම් බිත්තරය සවියක් වනවා නොඅනුමානයි...

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya