ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය

    මැයි 14, 2024

    මේ දිනවල පැවැත්වෙන 2023 වර්ෂයට අදාළව 2024 මැයි මස අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනි සිටින සිසුන් සඳහා එම විභාගය අවසන් වූ වහාම අ.පො.ස(උසස් පෙළ) පන්ති ආරම්භ කීරීම පිණිස අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීතිබේ.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අවස්න් වීමේන් පසු එහි ප්‍රතිඵල නිකුත් කිරිම සඳහා විභාග දෙපාර්තමේන්තුවට අවම වශයෙන් මාස 03කට ආසන්න කාලයක් ගත වේ. මෙම කාලය තුළ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වීම, ඔවුන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) හැදෑරීම සඳහා යොමු වීමේ ප්‍රවණතාව අඩු වීමට මෙන්ම එමඟින් විවිධ සමාජ ගැටලු නිරිමාණය වීමට ද හේතු වී ඇත.

    එම කරුණු සැලකිල්ලට ගෙන,සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහ අ.පො.ස(උසස් පෙළ) විෂය නිර්දේශය ආවරණය සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි,2024 වර්ෂයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය අවසන් වීමත් සමඟ පාසල් තුළ උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya