ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන,ගුරු අධ්‍යපනඥ සේවය සහ විදුහල්පති සේවයට අයත් නිලධාරීන් 1000ක් ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරිලත් තනතුරුවලට පත් කෙරේ

    මැයි 14, 2024

    ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවය යන සේවාවන්ට අයත් සුදුසුකම්ලත් නිලධාරීන් 1000ක් විධිමත් ලෙස තෝරාගෙන කාණ්ඩ 03ක් යටතේ පුහුණු කර අධිකාරිලත් නිලධාරි තනතුරට පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    1985 අංක 40 දරන මිනිස්බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිවෙලින් එම බලකායේ නිලධාරින් හා ශිෂ්‍යභටයින් ලෙස බදවාගනු ලැබේ.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ශිෂ්‍යභට කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අධිකාරිලත් නිලධාරින් ලෙස ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍යභට බලකායට බඳවාගැනීම පිණිස මූලික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට අදහස් කර ඇති අතර.එකී සේවාවන්වල I , II සහ  III ශ්‍රේණිවලට අයත් නිලධාරීන් 1000ක් බඳවා ගෙන මුලික පුහුණු පාඨමාලාවකින් පසු අධිකාරිලත් නිලධාරීන් ලෙස පත් කිරීමට සැලසුම් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya