ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4) වෘත්තීය පුහුණුව ලබා දීමේදී උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව ලබා දීම

    මැයි 14, 2024

    සියලුම අමාත්‍යංශ  යටතේ ක්‍රියාත්මක වන වෘත්තය පුහුණු ආයතන විසින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන්ය වෘත්තීය පුහුණුව ලබා දීම අනිවාර්ය කාර්යයක් බවට පත් කිරීමටත්,එම ආයතනවල (NVQ 4) පාඨමාලාවලට වාර්ෂිකව සිසුන් ඇතුළත් කර ගැනීමේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දී පුහුණුවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

     අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/ අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සදහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර , මේ වන විට සැම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාසල් 604 ක එම විෂය ධාරාව ක්‍රියාත්මක වේ.

     එම විෂය ධාරව යටතේ 12 වන ශ්‍රේණියේදී මෘදු කුසලතා සංවර්ධනය කරන පොදු විෂයක් හැදැරීය යුතු අතර ,13 වන ශ්‍රේණියේදී ජාතික වෘත්තිය  සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4) පාඨමාලාවක් මාස 06ක කාලයක් හැදෑරිමට සහ මාස 06ක රැකියාගත පුහුණුවක යෙදීමට සිසුන්ට අවස්ථාව සලසා දෙනු ලැබේ. එම සිසුන් සඳහා (NVQ 4) මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශ 07ක් යටතේ ක්‍රියාත්මක වන වෘත්තිය පුහුණු ආයතන 17ක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංහය සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත.

    දැනට වෘත්තිය විෂය ධාරාව හැදෑරිම සඳහා සිසුන් 50,000ක් පමණ ලියාපදිංචි වී ඇති බැවින් අදාළ වෘත්තීය පුහුණු ආයතන විසින් එකී සිසුන් සඳහා ප්‍රමාඛතාව ලබා දීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya