ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග ගැටලු ඇතිවූ සෑම විටකම ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදෙනවා - කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මැයි 14, 2024

    තරඟකාරී විභාගයක ගැටලු ඇතිවූ සෑම අවස්ථාවකදීම ශිෂ්‍යයාට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සකස් කරන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එසේ නොමැති වුවහොත් විශාල ශිෂ්‍ය පිරිසකට දැඩි මානසික පීඩනයක් වගේම පරිපාලනමය වශයෙන් විශාල දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවන බවද, උදාහරණයක් ලෙස යම්කිසි ඉවත් කළ කොටසකින් ප්‍රශ්න පත්‍රයක් සකස් කර ඇතිනම් එම ප්‍රශ්නය ලියූ අයට මෙන්ම නොලියූ අයට අසාධාරණයක් නොවන ආකාරයට උත්තර පත්තර ප්‍රමිතිකරණ ක්‍රියාවලියේදී ඒ හා සම්බන්ධ බලධාරීන් විසින් ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සකස් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    තමාද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම විභාග ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් බවද, විභාග දෙපාර්තමේන්තුව අමාරු කාර්යයක් සිදුකරන බවද විෂය නිර්දේශය සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් වන අතරම එයට අදාල පෙළපොත් ලිවීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවද, විභාග ප්‍රශ්න පත්තර සකස් කිරීම විභාග දෙපාර්තමේන්තුව සිදුකරන බවද අවධාරණය කළේය.

    ඒවා සකස් කිරීම සඳහා සම්පත් දායකයන් වෙනත් මාර්ග වලින් යොදාගන්නා බවද ඒ අතර ප්‍රශ්න පත්තර රාශියක් කරණකොට ගැටලු ඇතිවන බවද ඒ සෑම අවස්ථාවකම ශිෂ්‍යයාට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සකස් කරන බවද ප්‍රකාශ කළේය.

    දූෂණ අක්‍රමිකතා ඇතිවිට වැරදිකරුවන්ට දඬුවම් දීමත්, වැරදි කරන්නන්ට අනුබල දෙන්නන් හට දඬුවම් දීමත් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රශ්න පත්තර පිටින්ම අවලංගු කිරීමට නොයන ප්‍රමාණයට මතුපිටින් කරුණු යොදාගැනීමට අවශ්‍ය බවද මෙය හැමදාම පොදු තරඟ විභාග වලදී සිදුවන දෙයක් බවද පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya