ඒ අනුව රුපියල් මිලියන 100ක් වැය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක කෘෂි ව්‍යාපෘති 1375ක් ක්‍රියාත්මක කෙරේ.
මීට අමතර ව අනුමැතියට යටත් නො වී තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක කෘෂි ව්‍යාපෘති රැසක් වෙනුවෙන් ද අනුමැතිය ලැබිණි. ඒ අනුව බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 387ක්, ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 198ක්, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 663ක්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 611ක්, බෙන්තර - ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 275ක්, පින්නදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 684ක් හා බලපිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 366ක් වෙනුවෙන් මෙලෙස අනුමැතිය ලැබී ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ ගොවිපළ සඳහා ද රුපියල් මිලියනයක් වෙන් කොට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජයවර්ධන මහත්මිය පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන දිවි නැගුම ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ ව මෙහිදී සොයා බැලිණි.
DB/GN - dmu matara