වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
මේ තිබෙන තත්වය වෙනස් කළොත් 2025දී රට ගෙනියන්න බැහැ. මේ බව අපි රටට කිව යුතුයි. පාර්ලිමේන්තුවට පැමිණ විෂයට අදාළව අපි සාකච්ඡා කළ යුතුයි. මුදල් පිළිබඳ පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව ඇතුලේ මේ සම්බන්ධයෙන් ප්‍රබුද්ධ විදියට කතා කළ යුතුයි. අපේ රටට දීර්ග කාලයක් තිස්සේ ඔරොත්තු නොදෙන ප්‍රධාන පරතරයන් 02ක් නිසා තමයි රට කඩා වැටුණේ. බංකොලොත් වුණේ. එකක් තමයි රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිගය. පසුගිය කවර රජයක් වුවද ආණ්ඩුව පවත්වාගෙන ගියේ එදිනෙදා පවත්වාගෙන යාමට හෝ ප්‍රමාණවත් මුදල් නොමැතිවයි. කවුරු ආණ්ඩු කළත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ඔින. විශ්‍රාම වැටුප් ගෙවන්න ඔීන. මේ තමයි පුනරාවර්තන වියදම. 2023 ලංකා ආණ්ඩුවේ සියලුම ආදායම් ට්‍රිලියන 03යි. පුනරාවර්තන වියදම ට්‍රිලියන 4.6ක්.ඉතින් ආණ්ඩුව පවත්වාගෙන යාමට හෝ ප්‍රමාණවත් මුදල් නැහැ.
ලංකාවේ සුරබිදනක් නැහැ. ප්‍රාතිහාර්යක් පාන්න බැහැ. අවුරුදු 35ක් තිස්සේ මේ හිගය මේ විදියට තියෙනවා. දවසට කොට් 625ක් මදි. දිනපතාම මේ විදියට කෝටි 625 ගානේ මදි වෙනවා. ඉස්සර ආණ්ඩුවලට මෙලෙස මුදල් නැති වුණාම පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් සල්ලි අච්චා ගහන්න හැකියාව තිබුණා. නමුත් දැන් සල්ලි අච්චු ගහන්න බැහැ. ජංගම ගණුමේ හිගය පියවා ගන්න බැරි නිසා සෑම රජයක්ම සංවර්ධන කටයුතු සිදු කළේ විදේශ අධාර මත. රට ඇතුලේ සාදා තිබෙන හැම පාරක්ම ඉදි කර තිබෙන්නේ ණයට. එම ණය ගෙවා ගන්න බැරිව අපි අද හිරවෙලා තිබෙනවා. එම ණය ගෙවනකම් නැවත අපිට ණය දෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළෙත් පාරවල් හදන්න විදේශ ආධාර ලැබෙන් නැහැ. ඒ සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග, අපි ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. මුදල් පිළිබඳ පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ආණ්ඩුවක් ගහපු ගිවිසුමක් තව ආණ්ඩුවකට වෙනස් කරනවා කියලා විපක්ෂය කියනවා. 2030 වෙද්දි ණය අඩු කරනවා කියා අපි ලෝකයට පොරාන්දු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි ලසාඩ් වැනි සමාගම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකග වී තිබෙන්නේ.
කවුරු ආණ්ඩු කළත් මෙම ගිවිසුම යටතේ පොරාන්දු 03කට ඇවිත් ඉන්නවා. අනුන්ගේ ණය ගෙවලා අපි සුරංගනා ලෝක වගේ ඉඳලා රටවල ආණ්ඩු කරවන්න බැහැ. නිදහසින් පසු හැම ආණ්ඩුවක්ම ණය ගෙව්වා. නමුත් දැන් අපි වසර 02ක් තිස්සේ ණය ගෙවලා නැහැ.