නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර දෙකක් පමණ ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ඉඩ සැලසූණා - අගමැති

    මැයි 13, 2024

    වසර දෙකක් පමණ ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ඉඩ සැලසූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සංවර්ධන කමිටුවලට සහභාගී වූ ඉල්ලීම්, යෝජනා  ඉදිරිපත් කළ සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල්, මධ්‍යම ආණ්ඩුවේ ව්‍යාපෘති ලබාදී ඇති බවද  හෙතෙම සඳහන් කළේය.

    ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍රලේඛය  සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ, ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍ර ලේඛයේ කිසි තැනක එහි සාමාජිකයන් ලෙස පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම ගැන සඳහන් නොවන බවද රට පුරා විශ්‍රාම ගිය ඉංජිනේරුවරු, කාර්මික නිලධාරින්, විවිධ වෘත්තීන්වල අය ආදී ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම මෙහිදී සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. පළාත් සභාවේ සිටින උගත්, වගකීම් සහගත අයද යොදාගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා, එසේ නොකරන ලෙස විපක්ෂය ප්‍රකාශ කරන්නේද යන්න ප්‍රශ්න කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා පැවසුවේ,

    "ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. මොකද අපිත් බලන් ඉන්නවා අපේ ප්‍රධාන, ලංකාවේ දේශපාලන පෙරළි රාශියකට කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන. එක එක දවසට එක එක ඒවා කියනවා. ඔබතුමත් කියනවා. මේවා ප්‍රකාශ වෙන රටක දේශපාලන ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතභාවයකට පත් කරන්නේ කවුද කියන එක ගරු කතානායකතුමනි, පළවෙනියෙන් සඳහන් කරන්න කැමතියි බොහොම මිත්‍රත්වයෙන් මගේ මිත්‍රයාට කියන්නේ.

    අපි වෙනමත් එළියේදී කතා කරා, ඔබතුමා අහන දේවල් ගැන. ගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳ පළවෙනියෙන් ම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්න නැගුවා 27/2 යටතේ. ඒ වගේම ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කුඹුර මැතිතුමා පිළිතුරු දුන්නා.

    ඔය චක්‍රලේකනයේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නෑ, ගරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් අවුරුදු දෙකක් විතර ඇණ හිටපු දේ අපි පටන් ගන්න අයවැය ‍ලේඛනය අනුමත කරා. ඔබ සියලු දෙනා අය වැය ලේඛනය අනුමත කළා. මොකද ජනාධිපතිතුමා ඒක යෝජනා කළා. දිස්ත්‍රික්ක මට්ටමේ, විමධ්‍යගත අදී දේ ගැන. ඉතින් අපි ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිසාපති, ප්‍රාදේශීය ලේකම්  සෑම කාර්යාලයකටම දිල, අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරනවා. ඔබතුමාටත් ආරාධනය කරනවා. ඔබතුමාලගේ සමහර මනත්‍රීවරු පැමිණෙනවා. කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා. ඒවා ක්‍රියාත්මක කරන්න මුදල්  අනුමත කරලා තියෙනවා. ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනුව අපි දීලා තියෙනවා. කාටද කියන්න, ඕනෙ නම් සංවර්ධන කොමිටියට පැමිණි සංවර්ධන කොමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නෑ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල් පළාත් සභා මුදල් මහා අණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තිබෙනවා. ඔබතුමාට ලැබිලා නැත්නම් විස්තර එවන්න, මම කියන්න ලබා දුන්නු අයගේ නාම ලේඛනය  හා ලබාදුන්නු ව්‍යාපෘති ගමේ සිට ඉහළටම අපිට කියන්න පුළුවන්.

    ඔබතුමන්ලාගේ  විපක්ෂයක් නැහැ. ඔබතුමන්ලා විපක්ෂයක් කියලා එකක් නෑ. අද වෙලා තියෙන්නේ ඒකයි. ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ කරන්නේ කියන්නේ මොකක්ද දන්නැති තත්ත්වයක් තියෙන්නේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා. (බාධා කිරීම්)

    ඔහොම ඉන්න මම උත්තර දීලා ඉවර වෙනකම්.කොමියුනිස්ට් පක්ෂය දන්නේ නැත්නම් ඉන්න. ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්තියට. එනිසා ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව මේ කියවන ලද චක්‍රලේඛනයට පිළිතුරු අපේ ඇමතිවරු දුන්නා. මම යළිත් කියනවා,මේ චක්‍රලේඛණය කිසිම තැනක තරඟ කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නෑ හෝ අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්තර්ගත කළ යුතුයි. එම අන්තර්ගත කරලත් නෑ. අපිට පළාත් සභාව විසරුවා  ඇරලා තියෙන නිසා හිටපු මන්ත්‍රී කෙනෙක් පත්කරත හැකියි.

    ඒකෙ තියන්න බැරි පළාත් සභා හිරවිල්ල කලේ ඔබතුමාලමයි ආණ්ඩු කාලෙ. ඒ හිරවිල්ලෙන් ගොඩ එන්න අපි සංශෝධන ඉදිරිපත් කළාම ඒකට විරුද්ධ වුණා .ඒ අනුව කාරක සභා යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරිව නැවතුණා.

    මම ඉතාම ඕනෑකමින් කියනවා රට පුරා විශ්‍රාම ගියපු ඉංජිනේරුවරු, කාර්මික නිලධාරීන්, විවිධ වෘත්තීන් ගම්වල මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයින් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහයෝගයක් ප්‍රාදේශීය සභාව හරහා මෙරටේ සංවර්ධන ව්‍යාපෘති හමාර කිරීමට ගන්න එපැයි කියන්නේ. එහෙම ඒකාධිකාරියක් රටේ දේශපාලන මන්ත්‍රීවරුන්ට පමණක් හිමි නෑ. මෙරටේ සංවර්ධන ඒකාධිකාරීය බල පෙරළියකින් වෙනස් කරන්න කියලා ආපු හඬ අපි අමතක කරන්න ඕනෙ නෑ. ඒ නිසා ඒ අයට කැඳවලා ඒ කොමිටි මගින් උපදෙසක් දෙන්න ඕන නම් මන්ත්‍රීවරයෙකුට උපදෙසක් දෙන්න පුළුවන් විදියට මේ කමිටුව අපි ඇති කිරීමයි මේ කියවන චක්‍රලේඛනයේ තියෙන්නේ ඒකයි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya