නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ දේශපාලන අවශ්‍යතා මත  වෙනස් වුවහොත් ආර්ථිකය නැවත කඩා වැටීමට සති හතරකට වඩා ගත ‌වෙන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

    මැයි 13, 2024

    රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ දේශපාලන අවශ්‍යතා මත  වෙනස් වුවහොත් ,  මෙරට  ආර්ථිකය නැවත කඩා වැටීමට සති හතරකට වඩා ගත නොවන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අද(13) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව  මේ රටේ මුදල් ප්‍රතිපත්තිය පාලනය කරන බවත් එය  ආපස්සට හැරවීමට විපක්ෂය උත්සාහ දරන බවද හෙතෙම පැවසීය.  මේ  රටේ මුදල් ප්‍රතිපත්තිය සහ විනිමය අනුපාතය දේශපාලන වුවමනා මත  වෙනස් කරමින්, නැවත මුදල් මුද්‍රණය කරන රටක් බවට රට පරිවර්තනය කරමින් පරිභෝජනය සපුරා ගන්නා රටක්  බවට අපේ රට පත් කිරීමට  ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවද හෙතෙම පැවසීය.

    රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින අවස්ථාවේ , ආර්ථිකයේ තව තවත් ශක්තිමත් කළ යුතු තැන් පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට විපක්ෂය විසින් එම වැඩපිළිවෙල ආපස්සට හැරවීමට උත්සාර කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    දේශපාලන විවාදයක් නොව ආර්ථික විවාදයක් බවට මෙම සභාව පත් කර ගත යුතුයි. විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ නැවැත්වුවහොත් රජය අපහසුතාවයට පත් වන බව  අතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබෙනවා. මේ විදියට සැළසුමක් එක්ක තමයි ඔවුන් රට කඩා වැට්ටුවේ. එකම නියාය මුදල් අච්චු ගැසීම නම් 2022 ට වඩා හොඳ  තත්වයක් අපට බලාපොරොතු විය නොහැකියි. මෙවැනි ආර්ථිකය අර්බුදයක්  අපේ ඉදිරි පරම්පරාවට ඇති නොවන පරිදි අපේ ආර්ථිකට හැඩ ගස්වා ගත යුතුයි.

    සමගි ජන බලවේගය ආරම්භයේ තිබෙන්නේ විවෘත ආර්ථිකය. නමුත් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන් සමාජවාදයක් පොරවාගෙන කටයුතු කරමින් ඉන්නවා.

    විපක්ෂය එක් පැත්තකින් කියනවා අපි තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වේ කියලා.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි මෙම අභියෝගයට මුහුණ දීමේ හැකියාව තිබුණේ. අභියෝගය භාර ගද්දි හැංගිලා හිටපු උදවිය ආර්ථික යථා තත්වයට පත්වේද්දී සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වී තිබෙනවා. අද ජාත්‍යන්තරය මේ රටේ නගා සිටුවීම ගැන කතාකරනවා. ජනතාව සමග එක්වා නව ආර්ථිකයට පිය මනිමින් ආර්ථිකය යහපත් මට්ටමකට ගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරනවා.

    මුලින් කිව්වේ මෙය කරන්න බැහැ කියලා. නමුත් රටට වෙන විකල්ප තිබුණේ නැහැ.

    අද අපේ රටේ ආර්ථිකය වර්ධනය වෙමින් තිබෙනවා. ඉන්ධන ලැබෙනවා. විදුලිය, ගෑස් ලැබෙනවා. මූලික අවශ්‍ය වූ එම සැපයුම් ජාලය යථාවත් වී තිබෙනවා. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya