මෙම ජාවාරමට විශ්‍රාමික හමුදා නිලධාරින් කිහිප දෙනකුද සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන බවත් මීට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදෙන බවත් ඇමතිවරයා පැවසීය.
එමෙන්ම රුසියානු යුද බිමේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ සිරුරු හඳුනාගෙන ඇති බවත් එම පිරිස මෙන්ම අනෙකුත් සාමාජිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ යන මහත්වරුන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ෆේස් බුක් පෝස්ට් වලට රැවටෙන පිරිසක් තවමත් රට තුළ සිටින බවයි.එමෙන්ම රුසියාවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් සිදුකරන වංචාවලට හසු නොවන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටියේය.