රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කෙරෙන දෙසතිය සඟරාවේ 42වැනි සැමරුම වෙනුවෙන් වූ උත්සවයේ දී විශේෂ දේශනයක් කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව කියා සිටියේ ය
දෙසතිය සඟරාවේ 42වැනි උපන් දිනය සමරන මේ මොහොතේ මට වචන ස්වල්පයක් කතා කිරීමට දීම සම්බන්ධයෙන් මම පළමුවෙන් ස්තූතිවන්ත වෙනවා. අවුරුදු 42ක් කියන්නේ අළ වශයෙන් කලාප 100ක් පමණ ප්‍රමාණයක්. සඟරාවක කලාප 1000ක් ඉදිරිපත් කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. කිහිප දෙනෙක්ම සඳහන් කළ පරිදි එය අපේ රටේ නූතන සමාජ ඉතිහාසයේ ඉතාම වැදගත් ජයග්‍රහණයක් කියලා අපිට කියන්න පුලුවන්. ජනමාධ්‍යයේ ලක්ෂණයක් තමයි එය සාමූහික ව්‍යාපාරයක් වීම.
කවි, නවකතා ගෙදර සිට තනිව ලියන්න පුලුවන්. එහෙත් ජනමාධ්‍යයය කියන්නේ සාමූහිකව සිදුවිය යුත්තක්. ලේඛකයෝ විතරක් නෙවෙයි පිටු සැළසුම් කරන්නන්, ඡායාරූප ගන්නා අය බොහෝ දෙනෙක් මෙයට එක් වියයුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට යුතුකමක් තිබෙනවා මේ සියලු දෙනා ගැනම අපේ ස්තූතිය පිරි නමන්න. සිරිල් බී පෙරේරා සහ ගාමිණී විජේතුංග යන අයව මා විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ අය ජීවතුන් අතර නැතත් මේ සඟරාව නිර්මාණය කරන්න එහි ඉතිහාසය වර්ණවත් කරන්න සුවිශේෂී සේවයක් කළ දෙදෙනෙක් තමයි මේ දෙදෙනා. අපි ඒ අය අනුස්මරණය කරන්න අවශ්‍යයි. අද ලෝකයේ නව විප්ලවයක් සිදුවෙනවා. ඒ විප්ලවය තමයි දැනුම නැමති විප්ලවය.අපි නිතරම භෞතික සම්පත් ගැන කතා කරනවා. එහෙත් භෞතික සම්පත් මෙහෙයවන්න දැනුම අවශ්‍යයි. අද අපි යන්නේ නව තාක්ෂණය සහ දැනුම මුල්කරගත් නව ආර්ථික හා නව සංස්කෘතියකටයි. අවුරුදු 40කට පෙර මේ ස්වරූපයේ මූලික ලක්ෂණ අපට පේන්න තිබුණා. එහෙත් අපේ අධ්‍යාපන ක්‍රමයෙත් සමඟ දැනුම මුල්කරගත් ලෝකයට අපට හැකියාවක් තිබෙනවාද කියන ප්‍රශ්නය ඇතිවෙනවා.
මම ප්‍රසිද්ධ නොකළ එක් රහසක් කියන්නම්. කළකට පෙර රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රශ්නපත්‍ර සකස් කළේ මමයි. ඒ වගේම උසස් පෙළ ප්‍රහ්න පත්‍ර මා විසින් සකස්කළා. ඒ් ප්‍රශ්නපත්‍ර සකස් කරනකොට බොහෝ විට එයට උත්තර පමනක් මට එවනවා. මගේ දැනුම වර්ධනයට සහ නව ප්‍රශ්න පත්‍ර සකස් කරන්න. එහිදී අපේ රාජ්‍ය සේවයේ සහ උසස්පෙළ බොහෝ දෙනෙකුගේ දැනුම තිබුණේ විෂයානුබද්ධ දේවල් සඳහා පමණයි. ඉන්එහාට කිසිවක් දැනගෙන සිටියේ නෑ. එයට විවිධ හේතු තිබෙනවා. සමහරවිට එය අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් නිසා වෙන්න පුලුවන් දෙයක්. කුමන භාෂාවෙන්ද
උගන්වන්නේ කියන දේ බලපාන්න පුලුවන්. අප අනාගතයේ ද්වී භාෂා සමාජයකට ගියේ නැත්නම් මේ දැනුම මුල්කරගත් සමාජයට අපට මුහුණු දෙන්න බැරිවෙනවා.
අප ඒ මොහොතේ මෙය විසදුමක් සෙව්වා. රටේ ලෝකයේ සිදුවන දේවල් ඉතා ගැඹුරින් එහෙත් ඉතාම සරළ බසින් පාඨකයාගේ සිත්ගන්න ආකාරයට ඉදිරිපත් කරන්න අප මේ සඟරාව සකස් කරන්න සිතුවා. ඒ කාලයේදී ටයිම්ස්, නිවුස් වීක් සහ ප්‍රංශයේ ඔබ්සවේචර් වැනි සඟරා තිබුණා. අපි කල්පනා කළේ අපටත් මෙවැනි දෙයක් කරන්න පුලුවන් කියලායි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ රටේ සිටි කලාකරුවන්, සාහිත්‍යකරුවන් , පුවත්පත් කලාවේදීන් වැනි මේ සියලු දෙනාම අපි සම්බන්ද කරගත්තා. මා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විදිහට සිටිම මේ සඳහා ඉතා හොඳ පසුබිමක් වුණා. මේ කාලයේදී යම් සංවාදයක් ඇතිවුණා මෙයට ඉදිරිපත් වියයුතු වන්නේ දෙපාර්තමේන්තුව මගින්ද, ඒ සඳහා යොදාගතයුත්තේ රජයේ නිලධාරීන්ද,කියන වගට. මම නම් හිතන්නේ එසේ වියයුතු නෑ.
නිදහස් ලේඛකයන්ට ඉදිරිපත් විය හැකියි. මෙයට එක්වුනු ඡායාරූප ශිල්පීන්. චිත්‍ර ශිල්පීන්, ලේඛකයන් සහ පිටු සැකසුම් ශිල්පීන් යන අය සියලු දෙනා ලංකාවේ විශාල සේවයයක් කළ පරිසක්. මා සිතන්නේ එවන් අයට එක්වන්න පුළුවන් වුනු නිසා තමයි සඟරාවට මෙපමණ කාලයක් යන්නට හැකියාව ලැබුණේ.
මේ සඟරාව යන අතරතුර එක් මොහොතක මට සිතුනු දෙයක් තමයි මෙය කලාව සම්බන්ධයෙන් ප්‍රමාණය වැඩියි එම නිසා එයට විද්‍යාව සම්බන්ධයෙන් යම් කරුණු ප්‍රමාණයක් එකතු කළ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම ගාමිණි විජේතුංග විද්‍යව අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යායයෙන් පිටවුනු කෙනෙක්. ඔහුව මම ගත්තේ විද්‍යාව සම්බන්ධ කටයුතු සදහායි. එහෙම උනත් ඔහු විද්‍යාව සම්බන්ධයෙන්
උගතෙක් වුනත් ඔහු කලාව සම්බන්ධ අනෙක් අයට නොදෙවෙනි ආකාරයට කලාව සම්බන්ධ කටයුතු දැන සිටියා. ඔහු ඉතාමත් හොඳින් විචාර වැනි දේ සිදුකළා. මෙම සඟරාවේ ස්වරූපය වෙනස් කරන්න ඔහුගේ දක්ෂතාවයත් මුල්වුණා. සිනමාව පිළිබඳ ඉතාම විදග්ධ විචාර පැමිණියේත් දෙසතියෙනුයි. මේ සම්බන්ධයෙන් විවාදයක් නෑ. ඒ යුගයේ සිනමාවඉදිරියට ගන්න මේ විදග්ධ විචාර ඉතාම වැදගත් වුණා. බොහෝ දෙනෙක් කියනවා 70 දශකය 80 දශකය තමයි සිනමාවේ හොඳම කාලය කියලා. එයට ආධාර කළ සඟරාව තමයි දෙසතිය කියන්නේ.
අද ලංකාවේ විශාල සංස්කෘතික ප්‍රශ්නයක් තිබෙනවා.ඒ භාෂා දෙකක් දැනුමක් නොමැතිව අපට නූතන ලෝකයේ දැනුම ලබාගැනීමට හැකිද කියන ප්‍රශ්නය, එදිරිවීර සරච්චන්ද්‍ර මහතා වරක් කිව්වා සිංහල පමණක් දන්නා තැනැත්තා සිංහලවත් නොදනී කියලා. මොකද සිංහල භාෂාවේ තිබෙන ශක්තිය හැකියාව දැනගන්න වෙනත් විචාරක්ෂින් දැනගත යුතුයි. අනිවාර්යයෙන්ම අපිට වෙනත් භාෂාවක් ඉගෙනීමේ අවශ්‍යතාවය තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි මැදිහත් වුණා.
මේත් එක්කම අපේ සඟරාව මැදිහත් වුණු එක් කරුණක් තිබෙනවා එය එවකට ආන්දෝලනාත්මක තත්වයක් ගත්තා. ඒ තමයි විදග්ධ සංස්කෘතිය සහ ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ. සාහිත්‍ය, කලාව, සංගීතය වැනිදේ විදග්ධ ආශ්‍රයෙන් කතාකළත් විශාල ජනතාවක් ඉන්නාව මෙයට සම්බන්ධ නොවෙන, එනම් ජනප්‍රිය සංස්කෘතියේ පිහිටා සිටින අය, මේ සම්බන්ධයෙන් අප පලකළ ලිපි ඉතා ආන්දෝලනාත්මක තත්වයක් ගත්තා. අපේ සඟරාව මැදිහත් වූ ජනප්‍රිය සංස්කෘතිය සම්බන්ධයෙන් අපට විවේචන එල්ල වුනත් පසුව සෑම පුවත්පතක්ම ඔවුන්ගේ අතිරේකයක් මේ ජනප්‍රිය සංස්කෘතිය සම්බන්ධයෙන් ම ආරම්භ කළා. කතුවැකිය තුළින් එය විවේචනය කරනවා. එහෙත් ඒ අයගේ කියා අතිරේකයක් මේ සම්බන්ධයෙන් ම ආරම්භ කරනවා. අධ්‍යාපනය සංස්කෘතිය වැනි දේ ආකාර්ශනීය දෙයක්. එහෙත් මේ සම්බන්ධයෙන් මාධ්‍යය තුළ කොතරම් කතා කළත් මේ සම්බන්ධයෙන් කිසිඳු ශාස්ත්‍රීය නිබන්ධනයක් හෝ පර්යේෂණයක් අපේ විශ්ව විද්‍යාලවල නෑ. මෙය ලොකු අඩුපාඩුවක්. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇත කළ යුතුයි.
මේ රටේ දරුවන්ට අපි දෙන දැනුම ඇත්ත වශයෙන්ම නූතන ලෝකයේ ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය දැනුමක්ද අපි ලබාදෙන්නේ. ඒ අයට පුරවැසියන් හැටියට සංසරණය වන්න අවශ්‍ය දැනුම අපි ලබාදිය යුතුයි.ඇත්ත වශයෙන්ම අපේ රටේ අද වන විට ගත් වැරදි ප්‍රතිපත්ති හරහා ඉංග්‍රිසි දැනුම නොමැතිව ඉංග්‍රිසි දන්නා ඉහළ පැලැන්තියක් සහ ඉංග්‍රිසි නොදන්නා පහළ පැලැන්තියක් ලෙස පන්තියක් නිර්මාණය වී තිබෙනවා. අපි සත්‍ය පැවසුවොත් අපේ අවුරුදු ගණනක ප්‍රතිපත්තිවල තීරණය භාෂාව නිසා දෙකට බෙදුනු රටක්. අද මේ රටේ තීන්දු තීරණ ගන්නා අයගෙන් අති මහත් බහුතරය ඉංග්‍රිසි හෝ විදේශීය භාෂාවක් දන්නා අයයි. ඒ බලපෑම නොමැතිව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ.
මේ ප්‍රශ්නය දෙසතිය තුළින් මතු කළ යුතු ප්‍රශ්නයක්. කොයි විදිහේ දැනුම තිබෙන රටක්ද අප නිර්මාණය කළ යුතු වන්නේ කියලා අපි තීරණය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. දෙසතිය ගැන හැරී බැලුවොත් අප එවකට තිබූ නව තාක්ෂණය සම්පූර්ණයෙන් යොදාගත්තා. මට මතකයි රජයේ මුද්‍රණාලය එවකට සිටි මුද්‍රණාලයාධිපති විසින් සම්පූර්ණයෙන්ම නව තාක්ෂණයට හැරෙව්වා. මගේ අදහස වුණේ මෙය සතියකට වරක් මුද්‍රණය කරන්නයි. එසේ වුවත් එවකට තිබූ තාක්ෂණය සමඟ අපට මෙට සතිදෙකක් පමණ ගතවුණා. එම නිසා මෙයට දෙසතියක් ලෙස මුද්‍රණය කළා. පසුව එය සාමාන්‍යකරණය වී දෙසතිය ලෙස නම් වුණා. මේ වන විට පුවත්පත් කලාව සදහා යොදාගන්නා තාක්ෂණය යල් පැන ගොස් තිබෙනවා. ඒ නිසා පුවත්පත් මුද්‍රණය කළත් විකුණාගන්න බෑ. දෙසතියේ තිබුණු ලකුණක් තමයි එහි සැළැස්ම, එහි නූතන ආකාරයට චිත්‍ර යොදා තිබුණා. පිටු සැකැස්ම සිරස්තල යොදා ගැනීම සිදුවුණේ නව ආකාරයකටයි. ඒ සදහා නව තාක්ෂණය යොදාගත්තා.
දෙසතිය සතුව රටේ ගැඹුරු අධ්‍යාපන සං සමාජීය ප්‍රශ්න තිබෙනවා. අය අපි සඟරාව තුළින් සාකච්ඡා කළ යුතුයි. ඒ සමඟම අවුරුදු 42ක් ගෙනගිය සඟරාව තවත් අවුරුදු 42ක් ඉදිරියට ගෙනයාමට හැකිවන පරිදි වැජඹේවා කියා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.