මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධියට සැබෑ වටිනාකමක් ලබාදුන්නේ වත්මන් රජයයි

    අගෝස්තු 04, 2014
    පෙට්ටගම්වල හිරකරපු උපාධි සහතිකයටත්, මරණ සහතිකය උරුම කර ගත් උපාධිධාරියාටත් සැබෑ වටිනාකමක් උදා කර දුන්නේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමූඛ වත්මන් රජය බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    එතුමන් මෙම අදහස් පළ කළේ “රටට රකින නිල් පවුර” සම්මන්ත්‍රණ මාලාවේ සේරුවාවිල ආසන නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි. 
     
    "80, 90 දශක මේ රටේ අඳුරුතම යුග විදියටයි අපේ ඉතිහාසයේ ලියවෙන්නේ. රට තුළ අවිනිශ්චිත බව අවනීතිය මේ කාලය තුළ රජයමින් තිබුණා. රටේ ජනතාවට අනාගතයක් ගැන හිතන්න පුළුවන් වුණේ නැහැ. පාසල් දරුවන්, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ තරුණියන් මරණ බියෙන් සිටි කාලයක්. උපාධි සහතිකයක් තිබීම ජිවිතයෙන් වන්දි ගෙවීමට මූලික සුදුසුකමක් වුණ රටක් මේක. උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය, දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය, මෙවැනි රටකුයි අපි මහා ජන බලයකින් 1994 දී  වෙනස් කළේ. ඉන්පසු 2005න් ඇරඹෙන යුගය උතුරේ ත්‍රස්තවාදය නිමා කර සමස්ත රට තුළ යහපාලනය ස්ථාපිත කළ යුගයක් ලෙස හඳුනාගත හැකියි".   
     
    සේරුවාවිල ආසන සංවිධායක, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා සංවිධානය කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාය. 
     
    මෙවැනි ජන පීඩක ආණ්ඩුවක් වසර දෙකකින් ගෙදර යවා බලයට පත්වුණ වත්මන් ආණ්ඩුව මොනවද මේ රටට කළේ. වසර 30ක් වි‍ඳෙව්වා යුද්ධය වසර 3කින් නිමා කළා. නැවතුණු, මුල්ගල් පැළ වුණු සංවර්ධනය යළි පණ ගන්වලා මහා ජවයකින් සංවර්ධනය වේගවත් කළා. රටේ ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමට අවශ්‍ය ව්‍යාපෘතීන් දහසක් ක්‍රියාත්මක කළා. උගතුන් රාජ්‍ය සේවයට බඳවාගනිමින් රාජ්‍ය සේවය ශක්තිමත් කළා. පළාත්බද සංවර්ධනය වේගවත් කිරීමට උතුරට “උතුරු වසන්තය” නැගෙනහිරට “නැගෙනහිර නවෝදය”, මුලු රටටම වේගවත් සංවර්ධනයක් ගෙවුණු වසර කිහිපය තුළ අපි ළඟා කරලා දීලා තියෙනවා. මේ තරම් විශාල වැඩ කොටසක් ඇස් පනා පිට කරලා තියෙද්දිත් අපේ විපක්ෂය අන්ධ දෑසින් මේ දිහා ද්වේශයෙන් බලනවා. ඒ මදිවට කිසිවක් රට තුළ සිදුවන්නේ නැහැ කියන බොරුව රට පුරා ප්‍රචාරය කරනවා” යැයි  ද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සාලින්ද දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, ඒ.එච්.එම්. අස්වර් හා පළාත් සභා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya