මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පෙරහරට ආරක්ෂක හා රථ වාහන සැලැස්මක්

    අගෝස්තු 04, 2014
    මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් විශේෂ රථ වාහන සැලැස්මක් මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. මහනුවර නගරයේදී හදිසි ආපදාවක්, අනතුරක් හෝ අපරාධයකදී 081-2222222, 081-2222223, 081-2233333, 011-3024255 යන දූරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


    එසේම ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන මහජනතාවට පොලිසිය විසින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කරන ලදී. රථවාහන ගාල් කිරීමේදී නියමිත ස්ථානවල පමණක් රථ ගාල් කළ යුතු අතර වෙනත් ස්ථානවල ගාල් කළහොත් එවැනි රථ ඉවත්කිරීම සිදු කෙරේ. වාහන නවතා තැබිය හැකි රථගාල් වන්නේ, අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමි මාවත (පොළ පාර), ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ ඉදිරිපිට රථගාල, බෝගම්බර ක්‍රීඩාංගණය ඉදිරිපිට රථගාල, මහයියාව සුසාන භූමිය ඉදිරිපිට රථගාල, ටොරිංටන් කේ.සී.සී. රථගාල, මධ්‍යම බස්නැවතුම්පොළ ඉදිරිපිට රථගාල, වැව්සිරිපිටිය රථගාල (මහාමායා බාලිකා විද්‍යාලය අසල) යනාදියයි.

     

    කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම් දෙන පොලිසිය සැමවිටම ඔවුන් ඇඳ සිටින ඇඳුමක දූරකතන අංකය හා ලිපිනය සඳහන් කොළ කැබැල්ලක් රඳවන ලෙසත් ඉල්ලා සිටී. බෝගම්බර වැවට බැසීමේදි ප්‍රවේසම් විය යුතුය. අපද්‍රව්‍ය හෝ කසල අනවශ්‍ය තැන්වල බැහැර කිරීමෙන් වලකින ලෙසත් ගමන්මළු, මුදල් පසුම්බි, කාන්තාවන්ගේ අත්බෑග්, රන් ආභරණ පිළිබඳ විමසිලිමත්වන ලෙසත් බීමත්ව රිය පැදවීමෙන් වලකින ලෙසත් ඒ නීති මාලාවේ සඳහන් වේ.

     

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya