මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහල් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනයට මිලියන 121ක්

    අගෝස්තු 05, 2014
    නගමු පුරවර වැඩසටහන යටතේ මහල් නිවාස හා යටිතල පහසුකම් නවීකරණය සඳහා සාහිධිපත්‍ය කළමනාකරණ අධිකාරියට රුපියල් මිලියන 121.1ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කොට ඇත. මෙම ප්‍රතිපාදන යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිවාස ව්‍යාපෘති 09ක නවීකරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.
     
    ඒ අනුව රුපියල් මිලියන 9ක් වැය කරමින් කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත නිවාස ක්‍රමය, රුපියල් මිලියන 40ක් වැය කරමින් කොළඹ 09 කැටවලමුල්ල නිවාස ක්‍රමය, රුපියල් මිලියන 15ක් වැය කරමින් කොළඹ 09 මල්ලිකාරාම නිවාස ක්‍රමය, රුපියල් මිලියන 11ක් වැය කරමින් බත්තරමුල්ල ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමය, රුපියල් මිලියන 5ක් වැය කරමින් මොරටුව ඉදල්වත්ත නිවාස ක්‍රමය, රුපියල් මිලියන 18ක් වැය කරමින් රාගම ඇලපිටිවල නිවාස ක්‍රමය, රුපියල් මිලියන 15ක් වැය කරමින් කොළඹ 09 ඩැනිස්ටර් ද සිල්වා මාවත නිවාස ක්‍රමය, රුපියල් මිලියන 5.7ක් වැය කරමින් මොරටුව ජයගත්පුර නිවාස ක්‍රමය හා රුපියල් මිලියන 3.4ක් වැය කරමින් මොරටුව ගුඩ්විල් වත්ත නිවාස ක්‍රමයන් හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
     
    මහල් නිවාස හා යටිතල පහසුකම් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කිරීමට යෝජිත මහල් නිවාස සියල්ලම වසර 30කට වඩා පැරණි මහල් නිවාස වේ.
     
    මෙම සියලු නවීකරණ කටයුතු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya