මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළඟින් හානි වූ නුවරඑළිය නිවාසවලට සෙවිලි තහඩු

    අගෝස්තු 04, 2014
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩගම ග්‍රාම සේවා වසමේ ගෙවල් කිහිපයක් පසුගිය ජූලි 12 සහ 13 යන දිනයන්හිදී ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්විය. 


    එම නිවාස වෙත සෙවිලි තහඩු ප්‍රදානය කිරීම පසුගිය සෙනසුරාදා  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. 

     

    රුපියල් ලක්ෂ 2.5කට ආසන්න වටිනාකමකින් යුත් සෙවිලි තහඩු ප්‍රදානය කිරීම මෙහි දී සිදු විය. මූලික අදියර යටතේ මෙම සෙවිලි තහඩු වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් නිවාස වෙතත් ඉන් පසුව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආපදාවට පත් නිවාස වෙතත් ප්‍රදානය කිරීම සිදු වේ. ඒ අනුව ආපදාවට පත් නිවාස 244ක් වෙත සෙවිලි තහඩු ලබා දීමට යෝජිතය.

     

    නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සම්බන්ධීකරණයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය යුද හමුදා කඳවුරේ 20කට ආසන්න හමුදා නිලධාරින් පිරිසක් ද සහභාගී වී සිටියහ. 

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya