මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඳුරින් වැසී තිබූ රට ආලෝකමත් කළේ ශ්‍රීලනිප නායකත්වයයි

    අගෝස්තු 04, 2014


    දශක තුනක කුරිරු යුද්ධය නිසා අඳුරින් වැසී තිබූ රටට සාමයේ ආලෝකය ලබාදුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරදි නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    රටට ආදරය කළ අනෙකුත් සියලු පක්ෂ ද එදා ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරාගැනීමට ජනාධිපතිතුමන්ට සිය ආශිර්වාදය ලබාදුන් බව ද රටට වින කරන ඇතැම් පක්ෂ එදත් අදත් එකට එක් වී දිනාගත් නිදහස පාවා දෙන්නට උපක්‍රම යොදමින් සිටින බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    “රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම” තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දීපව්‍යාප්තව සිදුකෙරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන වැඩසටහන යටතේ මැදවච්චිය ආසනය වෙනුවෙන්, මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල් ක්‍රිඩාංගණයේ පසුගියදා පැවති නියෝජිත සම්මේලනයේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙම අදහස් පළ කළේය.


    රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති, කාන්තා හා තරුණ සංගම්වල නියෝජිතයින් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු තුන්දහසක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගී වී තිබීම විශේෂත්වයක් විය.


    එහි දී  තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා; “ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා 1951 දී මේ රටේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකාරාශී කරගනිමින් රටට ආදරය කරන ප්‍රගතිශීලී ජනතාව එක්රැස් කරමින් ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් නිවැරදි නායකත්වය ලබාදෙනවා. පක්ෂය ආරක්ෂා කිරීමට වෙනත් නායකත්වයක අවශ්‍යතාවක් කිසිසේත් අවශ්‍ය නො වේ. පක්ෂයේ සමගිය හා නායකත්වයේ ඍජු, අවංකභාවය නිසා අද සියලු ජාතීන් එකම මාතෘභූමියක් තුළ සාමයෙන්, සමගියෙන් ජීවත්වීමට හැකිව තිබේ.


    එදා කිලිනොච්චිය - මැදවච්චිය වගේම අලිමංකඩ - පාමංකඩ ගැන අවබෝධයක් නැති එක්සත් ජාතික පක්ෂය අද ලෝකයේ මැතිවරණ පරාජය වීමට බිහි වූ පක්ෂය බවට පත්ව තිබේ. එදා තොප්පිගල මහ කැලෑවත් පමණක් බව කියූ එක්සත් ජාතික පක්ෂ නායකයා රණ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම් හෑල්ලුවට ලක් කළා. මැදවච්චිය වැනි ප්‍රදේශවල අහිංසක දෙමාපියන්ගේ දරුවන් එදා යුධ බිමට ගොස් ලෝකයේ කෘරතම ත්‍රස්තවාදීන් පරාජය කර සමස්ත ජනතාවම යුධ බියෙන් බේරා ගත්තා.


    විශේෂයෙන් යුද්ධය නිසා වැඩියෙන්ම දුක්වින්ද මේ රටේ කාන්තාවන් කවදත් ඔවුන්ගේ ආශිර්වාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ලබාදෙන බව විශ්වාසයි.
     

    මෙහි දී අදහස් දැක්වූ සමාජසේවා අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා මහතා, මීට අවුරුදු හත අටකට කලින් බයිසිකලයකවත් යන්න බැරි ව තිබූ මැදවච්චිය පාරවල් අද කාපට් වෙලා. මැදවච්චිය මාර්ග බාධකයට එහා පැත්තේ පදිංචි වෙලා හිටිය කෙනාටත් එදා බෙහෙත් ටික ගන්න පවා මැදවච්චිය නගරයට එනකොටත්, ආපසු යනකොටත් ඔය මාර්ග බාධකයේ පැය ගණන් රස්තියාදු වෙන්න සිදුවුණා. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් එහෙම කැපවීම් කළා. නමුත් අද ඒ භයානක, ඒ වගේම ජනතාවට ඉතා කරදර, විනාශකාරී යුද්ධය නතර කරලා ගෙවුණේ අවුරුදු පහයි. යුද්ධය නිමා කරපු නායකයා ඒ ටික කාලයට අමතක කරන්න තරම් මේ රටේ ජනතාව ගුණමකු නැහැ.”

     

    විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වූහ.


    මෙම අවස්ථාවට නිල් බලකාය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන, උතුරුමැද පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා මන්ත්‍රීවරුන් වන කල්යානි කරල්ලියද්ද, සුසිල් ගුණරත්න, රඹෑව, මැදවච්චිය, පදවිය හා කැබිගොල්ලෑව යන ප්‍රාදේශීය සභාවන්හි සභාපති, උප සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම මැදවච්චිය ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.


     ECB

    thissak3

    thissak8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya