මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරහර සමයේ ප්‍රමිතියෙන් තොර ආහාරපාන වෙළෙඳුන්ට නීතිය තදින්

    අගෝස්තු 04, 2014

    මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා වෙනත් වසරවලට වඩා සැලකිය යුතු පිරිසක් පැමිණෙතැයි විශ්වාස කරන බවත් ඒ ජනතාව සඳහා ප්‍රමිතියෙන් තොර ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.


    ආහාරපාන සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ මෙම වසරේදී වඩාත් සැලකිලිමත් වන බව පැවසූ දිසාපතිවරයා අධික මිල ගණන් යටතේ හෝ ප්‍රමිතියෙන් තොරව ආහාරපාන අලෙවි කරන වෙළෙන්දන් වැටලීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික කටයුතු අංශය සහ කිරුම් මිනුම් ප්‍රමිති සේවා අංශ යොදවා ඇති බවද පැවසීය. එවැනි පැමිණිලි වෙතොත් ඒවා දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කරන ලෙස ද දිසාපතිවරයා දැනුම් දෙයි.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya