මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 300ක වියදමින් තෝලංගමුව ජාතික පාසලට පිහිනුම් තටාකයක්

    අගෝස්තු 04, 2014
    දැදිගම මැතිවරණ කොට්ඨාසයේ තෝලංගමුව ජාතික පාසලේ පිහිනුම් තටාකය ඉදිකිරීම් කටයුතු සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, "සබරගමු අරුණාලෝකය" යටතේ ක්‍රියාත්මක කරන "දොරින් දොරට ගමින් ගමට" වැඩපිළිවෙළ යටතේ මෙම පිහිණුම් තටාකය සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 300කි.
     
    තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතුන් මෙරට ආරම්භ කළ පළමු මධ්‍ය මහා විද්‍යාල 50ට අයත් වූවකි. වසර 70කට පෙර ආරම්භ වූ මෙම විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල ද වේ.
     
    5 වසර ශිෂ්‍යත්වය සමත්ව දිවයිනේ බොහෝ පෙදෙස්වලින් ඉගෙනුමට හපනුන් වසරක් පාසා මෙම විද්‍යාලයට ඇතුළත් වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසැල්වල ක්‍රීඩා හපනුන්ට ද එකී විද්‍යාලයේ දොර විවෘත බැවින් එය කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල ලෙස ද හැඳින්වේ.
     
    වසර 70ක තරම් දිගු ඉතිහාසයක් තිබුණ ද මෙතෙක් මෙම ප්‍රමුඛත ම ජාතික පාසලට පිහිනුම් තටාකයක් නොතිබිණි. මෙම අඩුපාඩුව සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයේ "දොරින් දොරට ගමින් ගමට" වැඩසටහන යටතේ මේ සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණි.
     
    මෙහි දී මහ ඇමතිවරයා සඳහන් කළේ තටාකයේ ඉදිකිරීම් කටයුතු මාස 4ක් තුළ අවසන් කිරීමට නියමිත බවය.
     
    මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් වශයෙන් ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්වරු ඇතුළු විදුහල්පති ජේ.ඒ.අයි.ඕ. ජයකොඩි මහතා ද එක්වුහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya