මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවර ඇසළ පෙරහරට පරිසර අධිකාරියෙන් වැඩසටහන් රැසක්

    අගෝස්තු 04, 2014


    මහනුවර ඇසළ පෙරහරට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් ඒකකය මගින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

    ඒ අනුව පළමු කුඹල් පෙරහරත් සමඟ ආරම්භ වූ පරිසරය සුරැකීමේ මෙම වැඩසටහන පෙරහර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව පුරාවටම පැවැත්වෙනු ඇත.


    ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පාසල් පරිසර නියමුවන්, මධ්‍යම පරිසර අධිකාරියේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන හා සම්බන්ධ වේ.
     

    සිරිපා කරුණා කිරීමෙන් ඇරඹි පරිසර අධිකාරියේ පාරිසරික සත්කාරක වැඩසටහන සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වාර්ෂික ව සමරනු ලබන ආගමික උත්සවයන්ට සමගාමී ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පසුගියදා අවසන් වූ තලවිල ශාන්ත ආනා දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යට සමගාමී ව වයඹ පළාත් කාර්යාලය මගින් මෙවැනි ම පාරිසරික සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


    දෙස් විදෙස් කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම මංගල්‍යට සම්බන්ධ වූ අතර, ඔවුන් හරහා පරිසර සංරක්ෂණ පණිවිඩය සමාජ ගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. තලවිල පරිසරයේ පරිසර සුන්දරත්වය හා පවිත්‍රතාවය පවත්වාගෙන යාමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන්, වීදි නාට්‍ය ප්‍රදර්ශන, දැන්වීම් පුවරු ප්‍රදර්ශන, පරිසර අත්පත්‍රිකා ප්‍රදර්ශනය, දෙව්මැඳුර ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කරන ලදී. පුත්තලම ප්‍රදේශ අවට පාසල්හි පරිසර නියමුවන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විශාල පිරිසක් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සම්බන්ධ වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya