මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇන්.ඇම්. 35 වන ගුණ සමරුව අගෝස්තු 14

    අගෝස්තු 04, 2014

    සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ ද ,1970, 1977 සමඟි පෙරමුණු රජයේ මුදල් අමාත්‍යවරයා වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ 35 වන ගුණ සමරුව මේ මස 14 වැනි දිනට යෙදී තිබේ.

    ඒ  නිමිත්තෙන් රුවන්වැල්ල ඇන්.ඇම්. පෙරේරා ගුණානුස්මරණ කමිටුව විසින් එදින රුවන්වැල්ල එන්.එම්. පෙරේරා පිළිරුව අභියස දී පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පවත්වනු ලබන බව රුවන්වැල්ල ඇන්.ඇම්. පෙරේරා ගුණ සමරු කමිටුවේ සභාපති හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පවසයි.


    මෙම අවස්ථාවට එම පක්ෂයේ වර්තමාන නායක ජ්‍යේෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුඵ පක්ෂ ක්‍රියාකාරීහු සහභාගි වීමට නියමිත වේ. ඒ නිමිත්තෙන් මීට සමගාමීව එදින රුවන්වැල්ල මොරාවත්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා උදෑසන හා දහවල් ආහාරය ද පිරිනැමෙයි.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya