මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාත් සංවර්ධනයට කෝටි 744ක්

    අගෝස්තු 04, 2014
    "දොරින් දොරට ගමින් ගමට" ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන් සඳහා රුපියල් දස ලක්ෂ 7,435ක් ලබාදී තිබේ.
     
    සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කොට්ඨාස 17ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක ග්‍රාම සේවා වසම් 1,148ක මේ යටතේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්කයන්හි පවුල් 490,066කට අයත් 1,919,478ක ජනයා මෙහි ප්‍රතිලාභීන් වේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මගින් ගම්මාන 3,538කට සෙත සැලසෙන බව රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර සහ කෑගල්ල දිසාපති තුසිත වනිගසිංහ යන මහත්වරු ඊයේ (03) ප්‍රකාශ කළහ.
     
    මෙම සංවර්ධන වැඩසටහන් සබරගමු පළාතේ සිදුකරනුයේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, ජගත් බාලසූරිය, රංජිත් සියඹලාපිටිය, මහ ඇමති මහීපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලලිත් දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, යූ.ජී. පද්මසිරි, ප්‍රේමලාල් දිසානායක, ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ගේ මග පෙන්වීම යටතේය.
     
    මේ අනුව සබරගමු පළාතේ සබරගමු අරුණාලෝකය වැඩසටහන සඳහා දස ලක්ෂ 2,742ක් ද, ගම නැගුම වැඩසටහන යටතේ දස ලක්ෂ 1,874ක් ද, දිවි නැගුම ජීවනෝපාය සංවර්ධනයට දස ලක්ෂ 362ක්, වනජීවී සංරක්ෂණය සඳහා දස ලක්ෂ 25ක් ද, ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දස ලක්ෂ 144ක් ද ලබාදී තිබේ. 
     
    ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දසලක්ෂ 375ක් ද, විමධ්‍යගත අය-වැයෙන් දසලක්ෂ 104ක් ද ලැබී ඇත. එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් සබරගමු පළාතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා දසලක්ෂ 157ක් සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා රුපියල් දසලක්ෂ 585ක් ද වෙන්කර තිබේ.
     
    මෙයට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහ‍න යටතේ සබරගමු පළාතේ ග්‍රාමීය පාලම් 48ක් දැනටමත් තනා නිමකරමින් තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ සබරගමු පළාත තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු මෙම වසරේදී ඇරඹී මාස 06ක් ඇතුළත නිමාවට පත්වීමට නියමිතය.
     
    DB
     
    MP BR SABARAGAMUWA 1
     
     
    MP BR SABARAGAMUWA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya