මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ජනතාවට පානීය ජලය සැපයීමට ජල ටැංකි 1500ක් අවශ්‍යයි - දානපතීන්ගේ සහය ලබාදෙන්න

    අගෝස්තු 04, 2014
    නියං කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල ටැංකි සහ බූලි විශාල ප්‍රමාණයක් අවශ්‍යව පවතින බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


    දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් බවතින බවත් මේ වන විට පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසක් පමණ පීඩාවට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

    මේ තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, ලංකාපුර, ඇළහැර, හිඟුරක්ගොඩ සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 135ක ජනතාව පීඩාවට පත්ව ඇත. 

    මේ පිරිස අතරින් 75,000කට අධික පිරිසක් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී ඇති අතර ඔවුන්ට පානීය ජලය සැපයීමට අවශ්‍ය විශාල ප්‍රමාණයේ ජල ටැංකි 1500ක් පමණ, බූලි හා විශාල භාජන හැකි උපරිම ප්‍රමාණයෙන් අවශ්‍යව ඇති බැවින් මේ උපකරණ හැකි පමණින් ලබාදීමට කාරුණික වන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් හා දානපතීන්ගෙන් ඉල්ලීම් කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    NDH/WK-BG_dmu_polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya