මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අංශයේ ප්‍රවණතා

    අගෝස්තු 05, 2014
    2014 මුල් මාස 04 තුළ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය වැඩිදුරටත් වර්ධනය වූ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    මේ කාලය තුළ අපනයනය 16.9%කින් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3571ක් දක්වා වැඩි විය. ආනයනය ද ඇමරිකානු ඩොලර් මිලියන 6192.3ක් දක්වා 2.6%ක් වූ අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඒ අනුව 2013 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 2981ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව 2014 වසරේ පළමු මාස 04 තුළ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 2621.2ක් දක්වා 12.1%කින් අඩු වී ඇත.

     

    විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් විදේශගත වීම, දිරිගැන්වීම සහ නිල මාර්ගයන් ඔස්සේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යාම හේතුවෙන් සේවක ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 2109.3ක් දක්වා 11%කින් ඉහළ යාම සිදු විය. තවද සංචාරක අංශයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 771.7ක් දක්වා 37%කින් ඉහළ යාම ද විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

     

    2014 වසරේ අප්‍රේල් අග වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.9ක් හෙවත් මාස 5.9ක ආනයනවලට සමාන වූ අතර මුළු සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10.2ක් එනම් මාස 6.8ක ආනයනවලට සමාන වී ඇතැයි ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya