මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු මාස හතරේ අපනයනය 16.9%කින් ඉහළට

    අගෝස්තු 05, 2014
    2014 වසරේ පළමු මාස 04 තුළ අපනයනය 16.9%කින් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3571ක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය 2013 වසරේ මේ කාලය හා සැසඳීමේ දී යහපත් වර්ධනයක් බවත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,666ක් දක්වා කාර්මික නිෂ්පාදනවල ඇති වූ 15%ක වර්ධනයට හේතු වී ඇත. මේ වැඩිදියුණුව අත්කර ගැනීම සඳහා 20.9%කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,602ක් දක්වා රෙදිපිළි හා ඇඟලුම් අපනයනයන්හි ඇති වූ සුවිශේෂී වර්ධනය උපකාරි විය. මෙම කාලය තුළ ඛනිජතෙල් නිෂ්පාදන අපනයනය 15.7%කින් ඇමරිකානු ඩොලර් මිලියන 128 දක්වා අඩු වූ අතර අනෙකුත් කාර්මික නිෂ්පාදන අපනයනය 11.3%කින් ඇමරිකානු ඩොලර් මිලියන 936ක් දක්වා වැඩිවීමක් වාර්තා වී ඇත.

     

    මෙම කාලපරිච්ඡේදය තුළ ප්‍රාථමික කෘෂිකර්මික නිෂ්පාදන අපනයනය 50.2%කින් ඇමරිකානු ඩොලර් මිලියන 126ක් දක්නා වර්ධනය වීමට පොල් නිෂ්පාදන අපනයනවල යහපත් ක්‍රියාතාරිත්වය ද ප්‍රධාන වශයෙන් දායක වී ඇත. තේ අපනයනවල මිල, පරිමාව, ඉහළ වටිනාකමක් සහිත තේ අපනයනය වැඩිවීමෙහි ප්‍රතිඵලයක් ලෙස තේවලින් ද ලද අපනයන ආදායම 14.5%කින් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 504ක් දක්වා වැඩි වී ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya