මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලෙන් මැතිවරණ සම්බන්ධ පැමිණිලි 03ක්

    අගෝස්තු 05, 2014
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පසුගියදා ස්ථාපිත කරනු ලැබූ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ඊයේ (04) සවස වන විට පැමිණිලි 03ක් ලැබී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    මැතිවරණ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව එක් පැමිණිල්ලක් ද, රජයේ දේපළ අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධව පැමිණිලි දෙකක් ද ඉදිරිපත් වී තිබේ. ඉන් එක් පැමිණිල්ලක් බණ්ඩාරවෙල ඩිපෝවට විරුද්ධව ද, අනෙක් පැමිණිල්ල ඌව පරණගම ප්‍රදේශයේ පාසැලක පරිගණක විද්‍යාගාරයක පරිගණක දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධව එහි විදුහල්පතිවරයාට විරුද්ධවත් ඉදිරිපත් වී තිබේ.
     
    මෙම පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විටත් විධිමත් පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බවත් ඉදිරියේදී ලැබෙන සියලු පැමිණිලි විධිමත් ආකාරයට පරීක්ෂාවට ලක්කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහකාර තේරීම්භාර නිලධාරී නුවන් කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කර ඇති මෙම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධ පැමිණිලි දිනපතා පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා පැමිණ හෝ 055 2224414 අංකය හරහා දූරකතනයෙන් හා ෆැක්ස් පණිවිඩ මඟින් දැනුම්දිය හැක. 
     
    DB/BH - dmu badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya