මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ගම්වල ජනතාව තෙකලා විදුලිය ඉල්ලනවා

    අගෝස්තු 05, 2014
    අද  ගම්වලට විදුලිය ලබාදීමේ දී ජනතාව තෙකලා විදුලිය ඉල්ලන බවත් ඒ තරමට අද ගම් සංවර්ධනය  වී කර්මාන්ත වර්ධනය වී ඇති බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීම අමතමිනි.
     
    "ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා වගේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා දත්ත සහිතව කුරුණෑගල මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇති දැවැන්ත සංවර්ධනය අපිට පෙන්වලා දුන්නා. අතිගරු ජනධිපතිතුමනි, ඔබතුමාගේ පිළිතුරුවලින් අපිට අද සංවර්ධනය ගැනයි අනාගතයේ සංවර්ධන කටයුතු වෙනුවෙනුයි විශාල ශක්තියක් ලැබුණා. අපි පළාත් සභාවක් විදියට තෘප්තිමත්. අපිට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විශාල ශක්තියක් දෙනවා". 
     
    "ජනාධිපතිතුමාගේ නියෝගය අනුව අපි අලි වැට සංවර්ධනය සහ ඉදිකිරීම් කරගෙන යනවා. ඒ වගේම පාරවල්  සංවර්ධනය වෙනවා. සමහරු අහනවා පාරවල් කන්නද කියලා. පාරවල් සම්බන්ධව අපි eye roads  පාරවල් පිළිබඳ කටයුතු කරගෙන යනවා. කිලෝ මීටර 400ක් කුරුණෑගලටත් කිලෝ මීටර 200ක් පුත්තලමටත් ලබා දීලා තියනවා. ජනාධිපතිතුමනි කුරුණෑගල නගරය කුඩා වෙලා තියෙන්නේ. අපි ජයරත්න හේරත් මැතිතුමා එක්කත් කතා කරලා කුරුණෑගල නගරය විශාල වශයෙන් ඉදිරියට සංවර්ධනය කරගෙන යන්න කටයුතු කරනවා. අනවශ්‍ය ගොඩනැගිලි ඉවත් කරන්න සිද්ධ වෙනවා".
     
    කුරුණෑගල, දඹදෙණිය, පඬුවස්නුවර රාජධානි ත්‍රිත්වය සංවර්ධනය කිරීම හරහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරගැනීමට හැකි වන බවත් පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වයඹ ඖෂධාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    ගුරු පත්වීම් 1600ක්  ලබා දී ඇති බවත් වැව් 700කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කරමින් පවතින බවත් කීය.
     
    ජනාධිපතිතුමනි, අද විදුලිය ගම්වලට දෙන කොට අද ගම්මුන් අපෙන් තෙකලා විදුලිය 
    ඉල්ලනවා. ඒ තරමට අද ගම් සංවර්ධනය වෙලා කර්මාන්ත පටන් අරගෙන දියුණු වෙලා තියෙන්නේ. මේ සියලු කාරණා අනුව කුරුණෑගල, පුත්තලම අති දැවැන්ත විදියට සංවර්ධනය වෙනවා. 
     
    2015 දී මේ සියලු දේ වෙනුවෙන් ජනතාව අතිගරු ජනාධිපතිතුමාට කලගුණ සලකන බවත් අධ්‍යාපනය සම්බන්ධ කටයුතු කිරීමේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විශාල සහයෝගයක් ලබා දෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya