මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝට්ටේ මාර්ග හා ජලාපවහන පද්ධති විවෘත කෙරේ

    ජූලි 31, 2014
    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 400ක වියදමින් නවීකරණය කරන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බලප්‍රදේශයේ මාර්ග පද්ධතිය හා ජලාපවාහන පද්ධතිය ඊයේ (30) ජනතා අයිතියට පත් කරන ලදි.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රමුඛ නාගරික පුනර්වර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ අගනගර ආශ්‍රීත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලෝක බැංකු සහන ණය පදනම යටතේ මෙම සංවර්ධන අදියර කිහිපය සිදු කෙරුණි. 
     
    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 223 (රුපියල් මිලියන 29,000)ක් වන අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ නගර සීමාව තුළ ජල ගැලීම් පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සේවාවන් වේ.
     
    මේ අවස්ථාව උත්කර්ෂවත් කිරීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ආර්.ඒ.ඩී. ජනක රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
     
    DB
     
    Revitalized Road Network in Sri Jayawardenapura Kotte 20140730 06p3
     
     
    Revitalized Road Network in Sri Jayawardenapura Kotte 20140730 06p6
     
    Revitalized Road Network in Sri Jayawardenapura Kotte 20140730 06p12
     
    Revitalized Road Network in Sri Jayawardenapura Kotte 20140730 06p14
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya