මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයිකා ආයතනයෙන් සබරගමුව පළාත් සභාවට ට්‍රක් රථ

    ජූලි 31, 2014
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් සභාවට අයත් මාර්ග නඩත්තු කිරීම සහ සෙසු සිවිල් ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සබරගමු පළාත් සභාව වෙත ට්‍රක් රථ 8ක් ඇතුළු උපකරණ තොගයක් ප්‍රදානය කිරීම පසුගිය දින සිදු විය.
     
    ඒ අනුව මෙම උපකරණ හා වාහන රත්නපුර, පැල්මඩුල්ල, කලවාන, ඇඹිලිපිටිය, බලංගොඩ, රඹුක්කන, දෙහිඕවිට, කෑගල්ල විධායක ඉංජිනේරු කාර්යාල අතර බෙදාදීම ඊයේ (30) ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙය කුරුවිට පිහිටි සබරගමු සංවර්ධන නිර්මාණ හා  යන්ත්‍රෝපකරණ අධිකාරි පරිශ්‍රයේ දී සිදුවිය.
     
    මෙම වාහන ඇතුළු අනෙකුත් උපකරණවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 300 ඉක්මවයි.
     
    සබරගමු සහ මධ්‍යම දෙපළාතේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිර්දේශය මත ජයිකා ආයතනය මෙම වාහන තොගය සබරගමු පළාත් සභාව වෙත ලබාදීමට තීරණය කොට ඇත.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආනන්ද වීරරත්න, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙහි සභාපති දිනේෂ් ජයවර්ධන, විධායක අධ්‍යක්ෂ නුවන් සමරනායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    Sequence 01 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya