අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුව සැරිය'' මුළු රටම ආවරණය කරයි

    ජූනි 25, 2019

    ''සුව සැරිය'' ගාස්තු රහිත පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව දැන් නැගෙනහිර පළාතද සමඟින් මුළු රටම ආවරණය කර තිබේ.

    2016 ජූලි 29 වනදා ඉන්දීය රජයේ ආධාරයක් ලෙස බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ වූ 1990 සුවසැරිය සේවාව මේ දක්වා 1990ට ලද දුරකථන ඇමතුම් 1,133,344 කට ක්ෂණික ප්‍රතිචාර දක්වා 219,371 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.58 ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ළගාවී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198,223 රෝහල් කරා රැගෙන ගොස් තිබේ.

    මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සෑම අවස්ථාවකදීම සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූති වන්ත වන බවත් ඉන්දීය රජයේ රජයේ ඇ.ඩො මිලියන 23 ක නැවත නොගෙවන ප්‍රදානයක් ලබාදුන් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට විශේෂ ස්තූතියක් පිරිනමන බවත් 1990 සුව සැරිය නිර්මාතෘ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya