මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ගේ සුබසාධනයට 2014 මුල් මාස හතරේ මිලියන 3,816ක්

    ජූලි 31, 2014
    රජයේ සුබසාධන කටයුතු වෙනුවෙන් 2014 පළමු මාස 04 තුළ වැය කරන ලද මුදලින් රුපියල් මිලියන 3,816ක් පාසල් සිසුන්ගේ සුබසාධනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සඳහා වැය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. 


    ඒ අනුව නොමිලේ පාසල් පෙළ පොත් ලබාදීම, නිල ඇඳුම් ලබාදීම, වාර ප්‍රවේශපත්‍ර ලබාදීම, දහම් පාසල් සඳහා නොමිලේ පෙළ පොත් ලබාදීම සහ ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන් සඳහා මේ මුදල් ආයෝජනය කර තිබේ.

     

    බාධාවකින් තොර ව සියලුදෙනාට ම නොමිලේ ඖෂධ ලබාදීම සඳහා රජය 2014 පළමු මාස 04ක කාලය තුළ වැය කර ඇති මුදල රුපියල් මිලියන 8,363කි. මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණය වර්ධනය කිරීමේ අරමුණින් රජය මඟින් පෝෂණ මල්ල, ත්‍රීපෝෂ වැඩසටහන, නැවුම් කිරි සහ පාසල් පෝෂණ වැඩසටහන යන ජාතික පෝෂණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ පළමු මාස 04දී රුපියල් මිලියන 1213ක් වැය කර ඇත. ඒ අතර ත්‍රීපෝෂ වැඩසටහන සඳහා වැය කර ඇති මුදල් රුපියල් මිලියන 539කි. වයස අවුරුදු 2ත් 5ත් අතර වූ දරුවන් සඳහා නැවුම් කිරි වීදුරුවක් ලබා දීමට රුපියල් මිලියන 38ක් ද වැය කර තිබේ.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya