මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රට තිබුණු තැනින් ඉදිරියට පැමිණිලා

    ජූලි 30, 2014
    අඩුපාඩු තිබුණ ද මේ රට තිබුණු තැනින් ඉදිරියට රැගෙන විත් තිබෙන බවත් තව වෙනස්විය යුතු නිවැරදි විය යුතු තැන් තිබෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ අදහස් පළ කළේ මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන 2014 ක්‍රියාකාරී සැලැස්මට යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (29) දින කඩුවෙල රණාල, ඇඹුල්ගමුව, කිතුල්ගමුව වෙල්යායේ දී පැවැත්විණ.
     
    අමාත්‍යවරයා විසින් මෙහිදී කඩුවෙල සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. 
     
    කඩුවෙල ආසනය මහ නගර සභා ප්‍රදේශයක් ලෙස හඳුන්වනු ලැබුවාට. මේ ප්‍රදේශය විශාල වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට දායකත්වයක් දක්වන ප්‍රදේශයක්. ඒ නිසාම මේ ප්‍රදේශයේ ගොවි සමිති ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ඉල්ලීම කරන කොට ඒවට දෙන්න උත්තර පසුගිය කාලේ අපි ළඟ තිබුණෙ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු කිරීමෙන් පසු රුපියල් බිලියන 4 කට වඩා වැඩි මුදලක් කඩුවෙල සංවර්ධනයට එහි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා ලබා දී තිබෙනවා. එනිසා ප්‍රදේශයේ කාලයක් තිස්සේ ඉටු නොවූ සංවර්ධන කටයුතු ඉටු කිරීම සඳහා එම මුදල් යෙදවිය හැකි වෙනවා.
     
    "ඒ අනුව ඉදිරි කාලයේ දී පළාත් නැගුම විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ කඩුවෙල ආසනයේ රුපියල් මිලියන 282ක් යොදවනවා. ඒ වගේ ම ග්‍රාමීය පාලම් හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කර තිබෙනවා. තවත් විවිධ සංවර්ධන කටයුතු වශයෙන් රුපියල් මිලියන 84ක මුදලක් වෙන් කර තියෙනවා. ඒ වගේ ම එක ගමකට එක වැඩක් ව්‍යාපාතියට රුපියල් මිලියන 57ක් වෙන්කොට තිබෙනවා. සුළු වාරිමාර්ග වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5ක මුදලක් වෙන් කර තියෙනවා. ඊට අමතරව පාසල් සංවර්ධනය සඳහා පමණක් රුපියල් මිලියන 101ක මුදලක් අපි ලබාදී තිබෙනවා".
     
    ඉදිරි මාස 4ක කාලය ඇතුළත කඩුවෙල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඉතා විශාල මුදලක් වෙන්වීමට නියමිත බවත් නගර සභාවට අයත් මාර්ග පමණක් 281ක් සංවර්ධනය කිරීමට නියමිත බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා  එම කොන්ත්‍රාත් සියල්ලත් නගර සභාවටම ලබාදීමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නේය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන 2014 ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මට අනුව කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
     
    මේ යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් සුළු වාරිමාර්ග 
    ප්‍රතිසංස්කරණය කිරීමේ හා පුරන් කුඹුරු අස්වැද්දවීමේ ව්‍යාපෘති  10ක් සිදුකෙරෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කොට ඇත.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, එහි නාගරික මන්ත්‍රී මනෝජ් බෙත්මගේ, කඩුවෙල සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්ම මහත්මීන් සහ ගොවි  සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP WW KADUWELA IRRIGATION 1
     
     
    MP WW KADUWELA IRRIGATION 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya