මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම හයවන අදියර ඔක්තෝබර් 20 දිවයින පුරා

    ජූලි 30, 2014
    දිවි නැගුම වැඩසටහන සම්බන්ධයෙන් ඇතැම් පිරිස් නොයෙක් අන්දමේ වැරදි සහගත ප්‍රචාර ගෙන ගියද එම වැඩසටහන ඉතා සාර්ථක වූ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    දිවි නැගුම වැඩසටහන අදියර 05ක් යටතේ ක්‍රියාත්මක වූ බවත් එමගින් විශාල පිරිසකට සෙත සැලසුනු  බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිවි නැගුම හයවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී පසුගියදා පැවති වැඩමුළුවකදීය. 
     
    එහිදී අමාත්‍යවරයා මෙතෙක් දිවි නැගුම වැඩසටහන යටතේ සිදු කරන ලද ව්‍යාපෘතිවල සාර්ථකත්වය ද පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් විවිධ අඩුපාඩුකම් පෙන්වා දෙමින් මෙම වැඩසටහන අඩාල කිරීමට උත්සාහ ගත් බවත් ඒ හේතුවෙන් දිවි නැගුම හය වන අදියර ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. 
     
    “අපි දිවි නැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒවා ‍විශාල ප්‍රමාණයක් සාර්ථක වුණා. මේ සාර්ථක වුණු ව්‍යාපෘති පිළිබඳ ව කිසි කෙනෙක් කතා කරන්නේ නෑ. නමුත් එක බීජයක් පැළ වුණේ නැත්නම්, එක පැළයක් හැදුණේ නැත්නම් ඒ පිළිබඳව ඉහළින් කතා කරනවා. අපි බීජ දීලා නිකන් හිටියෙ නෑ. ඒවා හිටවන හැටිත් රැක බලා ගන්න හැටිත් දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් ඒ එක්කම දුන්නා. ඒ එක්කම පැළ වුණේ නැත්නම් පැමිණිලි කරන්න දූරකථන අංකත් දුන්නා. මාස තුනක් යනකම් එක පැමිණිල්ලක්වත් ආවේ නෑ. මුලින් කිව්වා බීජ පැළ වෙන්නෙ නෑ කියලා. ඒ නිසා අපි පැළ දුන්නා. ඊට පස්සේ කියනවා පැළත් පැළ වෙන්නේ නෑ කියලා. ඇත්තටම පැළ වුණේ නැත්නම් ඒක අපේ වරදක් නෙවෙයි. ඒ පැළේ හරියට රැක බලා ගත්තේ නැති එකේ වරදක්” යැයි අමාත්‍යවරයා පැවසුවේය. 
     
    දිවි නැගුම හයවන අදියර ලබන ඔක්තෝබර් 20 වන දින දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී වර්ග හතරකට අයත් පැළ වර්ග 09ක් සහ බීජ වර්ග 07ක් අඩංගු බීජ කට්ටලයක් ගෘහ ඒකකයක් සඳහා ලබාදීමට නියමිතය. ඒ අනුව දිවි නැගුම හය වන අදියර යටතේ බීජ කට්ටල ලක්ෂ 25ක් සහ පැළ වර්ග ලක්ෂ 126ක් ලබා දේ. සෑම නිවසකටම කතුරු මුරුංගා පැළය බැගින් ද ලබා දීමට පියවර ගෙන ඇත. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට අමතරව පශු සම්පත් අංශය යටතේ එක් ගෘහයකට කුකුළු පැටව් 10 බැගින් ද ලබාදීමට සහ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා විසිතුරු මත්ස්‍ය පොකුණු 1000ක් ස්ථාපිත කිරීමට ද අමාත්‍යංශය සැලසුම් කර තිබේ. 
     
    පහතරට රට වියළි කලාපය, පහතරට තෙත් කලාපය, අතර මැදි කලාපය සහ කඳුරට කලාපය වශයෙන් හඳුනාගන්නා ලද දේශගුණික කලාපයන්ට ගැළපෙන පරිදි පැළ සහ බීජ බෙදාදීම සිදු කෙරේ. 
     
    වාණිජ ගොවීන්ට මේ වැඩසටහන යටතේ වගා නොකෙරෙන එළවළු වර්ග හඳුනාගෙන ඒවා වාණිජ වශයෙන් වගා කිරීමටත් එවැනි එළවළුවලට සහතික මිලක් දිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.  
     
    මෙම අවස්ථාවට විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්වරුන් සැලසුම් අධ්‍යක්ෂකවරුන් ඇතුළු රජයේ නිලධාරීහු රැසක් පැමිණ සිටියහ. 
     
    DB
     
    MP BR DEVE NEGUMA MEETING 1
     
     
    MP BR DEVE NEGUMA MEETING 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya