මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රංශ ආධාර යටතේ පාලම් 28ක ඉදිකිරීම් නිම කෙරේ

    ජූලි 30, 2014
    ප‍්‍රංශ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාලම් 46ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 28ක ඉදිකිරීම් නිමකර ඇතැයි යුනිබි‍්‍රජ් ආයතනයේ සභාපති පිලිප් මටීරේ (Pillipe Matiere)  මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ දී ය. 
     
    මෙහිදී ප‍්‍රංශ රජය මඟින් ලංකා තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාලම් ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳවත් අමාත්‍යවරයා සහ යුනිබි‍්‍රජ් ආයතනයේ සභාපතිවරයා අතර සාකච්ඡා කෙරිණි. 
     
    ශී‍්‍ර ලංකාව තුළ අබලන් තත්ත්වයේ පවතින පාලම් 46ක් පුළුල් කිරීම සහ ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ප‍්‍රංශ රජය මගින් යුරෝ මිලියන 22ක මූල්‍යාධාරයක් ශ‍්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ යටතේ දිවයිනේ විවිධ පළාත් ආවරණය වන පරිදි පාලම් ඉදිකිරීම ප‍්‍රමුඛතා මත තෝරා ගන්නා ලදී. 
     
    මේ වන විට ලංකාවේ ඉතාමත්ම අඩු පහසුකම් යටතේ පවතින ග‍්‍රාමීය පාලම් 1000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 
     
    වත්මන් ශ‍්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වී ඇති බවත් එම සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාව භුක්ති විඳින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ තුළින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගොස් ඇතැයිද කියා සිටියේය. 
     
    ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාමත් සමගම රට තුළ ගමන් ගන්නා රථ වාහන ප‍්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවත් ඊට සරිලන මට්ටමට මාර්ග පද්ධතිය පුළුල් කිරීමට සිදුවූ බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය. 
     
    ඒ හේතුවෙන් මාර්ග පද්ධතියේ සංවර්ධනයට සරිලන පරිදි පටු පාලම් පුළුල් කිරීම මෙන් ම අබලන්ව පැවති පාලම් වඩාත් ශක්තිමත්ව ඉදිකිරීමට සිදු වූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. 
     
    මෙම අවස්ථාවට ප‍්‍රංශ රජයේ තානාපති මොන්චාවු ජින් පෝල්, යුනිබි‍්‍රජ් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ රිචර්ඩ් ග්ලෙදිල් (Rechard Gledhill), ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප‍්‍රියන්ත මායාදුන්න යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     
    DSC 3216
     
     
    DSC 3227
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya