මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 6 වන අදියරට සියල්ල සූදානම්

    ජූලි 30, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිවි නැඟුම 6 වන අදියරට සියල්ල සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු හා පලතුරු පිරිසිදුව හා වියදමකින් තොරව ගෙවත්තෙන්ම සපයා ගනිමින් නිරෝගී ජන සමාජයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් "දිවි නැඟුම" වැඩසටහන ක‍්‍රියාවට නගයි. 
     
    මෙම වැඩසටහනට අවශ්‍ය බීජ, පැළ ඇතුළු රෝපණ ද්‍රව්‍ය සපයනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟිනි. ඒ අනුව 2014 වර්ෂයේ දී දිවි නැඟුම වැඩසටහනේ 6 වන අදියර ක‍්‍රියාත්මක කිරීම සඳහාත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට සහය දැක්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබා දෙන බව ද එම අමාත්‍යාංශය පවසයි. 

     

    දිවි නැඟුම වැඩසටහන යටතේ ලංකාවේ සෑම පළාතක් ම, දිස්ත‍්‍රික්කයක් ම, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම, ග‍්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ගෙවතු වගාවට උනන්දුවක් දක්වන ප‍්‍රජාව තෝරාගෙන ඔවුන් සඳහා විවිධ සේවාවන් සැලසීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ගෙවත්තේ වගා කිරීම සඳහා වර්ග 7කින් සමන්විත එළවළු බීජ ඇසුරුමක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව කරවිල, මෑ කරල් හෝ බෝංචි, බණ්ඩක්කා, වැටකොළු, රාබු, නිවිති, තම්පලා, කැරට්, ගෝවා, බීට්රූට් දඹල වැනි එළවළු බෝග වර්ග ඒ ඒ කෘෂිකර්මාන්තයට ගැළපෙන දේශගුණික කලාප අනුව ජනතාව වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. 


    දිවි නැඟුම වැඩසටහන යටතේ මිරිස්, මාළු මිරිස්, තක්කාලි සහ වම්බටු යන බෝගවල බඳුන්වල පැළ කළ එළවළු පැළ 9ක් සෑම ප‍්‍රතිලාභියෙකු වෙතම ලබා දීමටත් සෑම ග‍්‍රාම නිලධාරී වසමකම ප‍්‍රතිලාභීන් 100ක් බැගින් තෝරාගෙන එක් ප‍්‍රතිලාභියෙකුට ඔවුන්ගේ කැමැත්ත පරිදි පලතුරු පැළයක් ලබාදීමටත් අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ. දිවි නැඟුම 6 වන අදියර සංකේතවත් කරමින් කතුරුමුරුංගා පැළ ලක්ෂ 10ක් ප‍්‍රතිලාභීන් වෙත ලබා දීමට නියමිත අතර එම පැළ ලබාගන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පැළ තවාන්වලිනි.

     

    එළවළු බීජ සහ පැළ ලබාදීමට අමතරව ගෙවතු වගාව, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා ගෙවත්තේ  තවාන් යෙදීම වැනි විෂය කරුණු ඇතුළත් තාක්ෂණික පත‍්‍රිකා මුද්‍රණය කර බෙදාහැරීම ද දිවි නැඟුම වැඩසටහනට සමගාමී ව සිදු වේ. පාසල් ගෙවතුවල වගා කිරීම සඳහා එළවළු බීජ හා පලතුරු පැළ සැපයීම, රජයේ ආයතනවල සිටුවීම සඳහා පළතුරු පැළ සැපයීම, රජයේ නිලධාරීන්ට සිය ගෙවතුවල සිටුවීම සඳහා පලතුරු පැළ සැපයීම ද දිවි නැඟුම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ම කටයුතු මේ වන විට සූදානම් කර අවසන්ය. දිවි නැඟුම ජාතික සංවර්ධන වැඩසටහන මඟින් ලබා දෙන මෙම සියලු ම බීජ හා රෝපණ ද්‍රව්‍ය නිවැරදිව සිටුවා ආරක්ෂා කර ගනිමින් ගෙවත්ත කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කර වියදමකින් තොරව පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ප‍්‍රතිලාභීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් දීපව්‍යාප්තව පැවැත්වීමට අදහස් කරන බව ද මේ පිළිබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya