මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයේ ජයක් පෝෂණයෙන් සපිරි රටක්” සඳහා කෑගල්ලෙන් මෙහෙයුම් කමිටුවක්

    ජූලි 30, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුකුලව ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් යුතු ජාතික පෝෂණ සභාව යටතේ ස්ථාපිත ජාතික පෝෂණ ලේකම් කාර්යාලය 2016 වසරේ දී ශ්‍රී ලංකාව පෝෂණයෙන් සපිරි දේශයක් බවට පත් කිරීම අරමුණු කර ඇත.

    ඒ සඳහා වන “දැයේ ජයක් පෝෂණයෙන් සපිරි රටක්” පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරි සැලැස්ම” 2013 දෙසැම්බර් 06 වැනි දින මොනරාගලදී එළි දක්වන ලදී.මෙම ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සක්‍රීය දායකත්වයක් ලබා දීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් ලබන මස 01 වන දින පෙ. ව. 9.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya