මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 පළමු කාර්තුවේ මහජන ප්‍රවාහන පද්ධතියට මිලියන 10164ක්

    ජූලි 30, 2014

    2014 වසරේ මුල් මාස 04ක කාල සීමාව තුළ රජය, ප්‍රවාහන අංශය වෙනුවෙන් රුපියල් මිලියන 10,164ක මුදලක් ආයෝජනය කර ඇත. 


    මේ වියදම් ප්‍රධාන වශයෙන් රටේ මහජන ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම හා නවීන ලෙස පවත්වාගෙන යාම සඳහා ප්‍රවාහන අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ බස්රථ ප්‍රමාණය වැඩිකිරීම සඳහා වැය කර ඇත.

     

    මේ මුළු වියදමින් රුපියල් මිලියන 3,016ක් රටේ මගී ප්‍රවාහන සේවාවෙන් 18%ක් සපයනු ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් වැය කර තිබේ. 

     

    රුපියල් මිලියන 7,148ක් නව දුම්රිය මාර්ග ව්‍යාපෘති වන මාතර - බෙලිඅත්ත - කතරගම දුම්රිය මාර්ගය, ඕමන්ත - පලාලි දුම්රිය මාර්ගය, මැදවච්චිය - මඩු සහ පලෙයි - කන්කසන්තුරය දුම්රිය මාර්ගය වෙනුවෙන් වැය කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya