මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආධාර ඍජුව ම පළාත් සභාවලට ලබාගැනීමට ඉඩක් නැහැ

    ජූලි 30, 2014
    අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම අවස්ථාවක විදේශ ආධාර, විදේශ ණය ඍජුව ම පළාත් සභාවලට හා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාගැනීමට නොහැකි බවත් සියලු ණය, ආධාර හා ප්‍රදානයන් මධ්‍යම රජය හරහා ලබාදීම සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    කොරියානු රුපියල් මිලියන 500ක ආධාර යටතේ උතුරු පළාතේ පාසල් 13ක පන්ති කාමර 105ක්, ක්‍රියාකාරී කාමර 13ක්, තනිකඩ ගුරු නිවාස 12ක් සඳහා  මෙම ආධාර යටතේ නව ඉදිකිරීම් සිදු කෙරිණි. එම ආධාර යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය කෝනාවිල් රජයේ දෙමළ මිශ්‍ර විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා සිදු කළ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.   

    ආයුධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පිටුදැක සියලු ජාතීන්ට නිදහසේ තම ජීවනෝපාය සලසා ගනිමින් රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමේ ඓතිහාසික කාර්ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටු කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දශක 3ක යුද්ධය හේතුවෙන් අධ්‍යාපනයේ සංවර්ධන අවස්ථාවන් රැසක් නැති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුද්ධයෙන් රටක් විනාශ වීම හැර රට‍කට නව අගයක් ලෝකයේ කිසිදු තැනක එකතු වී නැති බව ද පෙන්වා දුන්නේය.

     

    කොරියානු රජය විසින් නැගෙනහිර අධ්‍යාපන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබා දී තිබේ. උතුරු පළාත සඳහා රුපියල් මිලියන 500ක් ලබා දුන් බවත් දිවයින පුරා උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ තාක්ෂණ විද්‍යා පීඨයක් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් කොයිකා ආධාර ලබාදීමට කොයිකා ආයතනය මේ වන විට එකඟත්වය පල කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. චන්ද්‍රකුමාර්, කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති චන් වොන් සම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සී. සත්‍යසීලන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya