මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද සංවර්ධනයට කෝටි 579ක්

    ජූලි 29, 2014
    දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් සඳහා රුපියල් දස ලක්ෂ 5,791ක්  ලබාදී තිබේ.
     
    උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කොට්ඨාස 10ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක ග්‍රාමසේවා වසම් 997ක මේ යටතේ  සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්කයේ පවුල් 348,926කට අයත් 1,337,141ක ජනයා මෙහි ප්‍රතිලාභීහු වෙති.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මගින් ගම්මාන 2,788කට සෙත  සැලසෙන බව අනුරාධපුර දිසාපති  මහින්ද සෙනෙවිරත්න  සහ පොලොන්නරුව දිසාපති නිමල් අබේසිරි යන මහත්වරු ප්‍රකාශ කළහ.
     
    මෙම සංවර්ධන වැඩසටහන් උතුරු මැද පළාතේ සිදුකරනුයේ අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, එස්.එම්. චන්ද්‍රසේන, තිස්ස කරල්ලියද්ද, දුමින්ද දිසානායක, මහ ඇමති රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්ලිව්.බී. ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, වීරකුමාර දිසානායක, සිරිපාල ගම්ලත්, එච්.පී. මුතුකුමාරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ගේ මග පෙන්වීම යටතේය.
     
    මේ අනුව උතුරු මැද පළාතේ රජරට නවෝදයේ වැඩසටහන් සඳහා දස ලක්ෂ 2,123ක් ද, ගම නැගුම වැඩසහන යටතේ දස ලක්ෂ 1,452ක් ද, දිවි නැගුම ජීවනෝපාය සංවර්ධනය දස ලක්ෂ 228ක්, වනජීවී සංරක්ෂණය සඳහා දස ලක්ෂ 280ක් ද, ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දස ලක්ෂ 66ක් ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දස ලක්ෂ 275ක් ද,  විමධ්‍යගත අයවැයෙන් දස ලක්ෂ 71ක් ද ලැබී ඇත. එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් උතුරු මැද පළාතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා දස ලක්ෂ 630ක් සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ  පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා රුපියල් දස ලක්ෂ 330ක් ද  වෙන්කර තිබේ.
     
    මෙයට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙහෙයවීමෙන්  රට පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහ‍න යටතේ උතුරු මැද පළාතේ ග්‍රාමීය පාලම් 26ක් දැනටමත් තනා නිමකරමින් තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාත තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු මෙම වසරේදී ඇරඹී මාස 06ක් ඇතුළත නිමාවට පත්වීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya