මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර කුඩා තේ ඉඩම් හිමියන්ට පාංශු සහ ජල සංරක්ෂණය සඳහා මූල්‍යාධාර

    ජූලි 29, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2014 අයවැය මඟින් කුඩා තේ ඉඩම්වල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා  ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව රත්නපුර දිස්ත‍්‍රික් කුඩා තේ ඉඩම්හිමියන් වෙත පාංශු සංරක්ෂණය සහ ජල සංරක්ෂණය සඳහා මූල්‍යාධාර ප‍්‍රදානය කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) රත්නපුර පළාත් සභා  ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    තේ වගාවේ සංවර්ධනය සඳහා රජය විසින් පියවර රැසක් ගෙන ඇත. තේ නැවත වගා කිරීමේදී රජය මඟින් හෙක්ටයාරයකට රුපියල්  3,50,000 සහනාධාරයක් ලබාදේ. නව තේ වගාවකදී හෙක්ටයාරයකට රුපියල් 2,50,000 ක් ද, වගා පාළු සිටුවීම සඳහා තේ පැළයකට රුපියල් 25.00 ක සහනාධාරයක්ද ලබාදේ. එසේම රජය විසින් සියලු වගාවන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය තේ වගාව සඳහා ද හිමිවේ. 
     
    තේ වගාවේ සංවර්ධනය සඳහා මෙම සහනාධාරයන්ට අමතරව පාංශූ සහ ජල සංරක්ෂණ සඳහා වාර්ෂිකව කුඩා තේ ඉඩම් හිමියන්ට රුපියල් 5000ක් ලබාදීමට මෙම වැඩසටහන යටතේ රජය විසින් පියවර ගෙන ඇත. 
     
    තේ නිෂ්පාදනය සඳහා කුඩා තේ ඉඩම් හිමියන් විසින් දක්වන දායකත්වය ඉහළ අගයක් ගනු ලබන අතර  සමස්ත තේ ඉඩම් ප‍්‍රමාණයෙන් 51%ක් කුඩා තේ ඉඩම් හිමියන් විසින් වගා කරනු ලබයි.  2013 වසරේදී සමස්ත තේ නිෂ්පාදනයෙන් 72%ක් සඳහා දායකත්වය ලබාදී ඇත්තේ කුඩා තේ ඉඩම් හිමියන් විසිනි. 
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, පවිත‍්‍රා වන්නිආරච්චි, සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    059
     
     
    076
     
    085
     
    104
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya