මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන ආයෝජකයින්ගේ මනාපය ශ්‍රී ලංකාවට

    ජූලි 29, 2014
    ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති පරිසරයේ දියුණුව ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ආයෝජකයින් ඔවුන් සිතුවාටත් වඩා ඉහළ බවද එබැවින් ශ්‍රී ලංකාව මධ්‍ය සහ දීර්ඝ කාලීන වර්ධනයට ඉතා ඉහළ හැකියාවක් දක්වන බවද ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුසෝෂි අකාබා මහතා ප්‍රකාශ කළේය.
     
    ජපාන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම අමාත්‍යංශයේ දී ඊයේ (28) පැවති සාකච්ඡාවේදීය. 
     
    ශ්‍රී ලංකාව වැනි රටවලට දියුණුවීමට ඇති හැකියාව තමා දැඩි සේ විශ්වාස කරන බව මෙහිදී අනාවරණය කළ ජපන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ජපානයෙන් පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉතා ඉහළ බවද මෙහිදී අවධාරණය කළේය.
     
    නව ආයෝජන සඳහා වෙළෙඳපොළ සොයමින් සිටින ජපානයේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයෝජනකරුවන්ට ශ්‍රී ලංකාව හොඳ ස්ථානයක් වන බවද මත්තල වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු යටිතල පහසුකම් එයට නව ප්‍රවේශ මාර්ගයක් වන බවද කියා සිටියේය.
     
    ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ජපානයේ සංචාරයක නිරත වීමෙන් පසු දෙරට අතර සබඳතා පුළුල් වූ බව මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තමා ජපානයේ කළ සංචාරයේදී ලැබූ ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කළේය. ජපන් ආයෝජකයින් සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි පවතින ඉඩ ප්‍රස්ථාවන් ද මෙහිදී පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට ජපාන තානාපති නොබුහිතෝ ‍හොබෝ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන යන මහත්වරුන් ද ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක්ද එක්ව සිටියහ.
     
    DB
     
    japan deli
     
    japan deli 1
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya