මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන් දේවාලයේ කප් සිටුවීම හෙට

    ජූලි 29, 2014
    දැරණියගල ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 428වැනි වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා හෙට (30) පෙරවරු 7.32ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරේ.
     
    අගෝස්තු 06 වැනිදා රාත්‍රියේ ප්‍රථම රන්දෝලි පෙරහර ද, 07 වැනිදා සිට 09 වැනිදා දක්වා අභ්‍යන්තර පෙරහර ද, 10 වැනිදා වතු සංගම් සංවිධානය කරනු ලබන පෙරහර ද, 11 වැනිදා අභ්‍යන්තර පෙරහර ද පැවැත්වේ.
     
    12දා රාත්‍රී 8.00ට උඩරට පහතරට හා සබරගමුවේ නැටුම්, අලි ඇතුන්ගෙන් සමන්විත අවසන් මහා පෙරහර දැරණියගල නගරය වටා වීථි සංචාරය කොට අලුයම් කාලයේ දී දේවාලයට ගෙවැදීමට නියමිතය.
     
    13 වැනිදා සීතාවක ගඟේ දිය කැපීමෙන් අනතුරුව දහවල් දේව දානය පිරිනැමීමෙන් දැරණියගල ඇසළ පෙරහර නිමාවට පත් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya