අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පදිංචි කිරීමට යෝජිත ගොවි පවුල් සඳහා ඉඩම් බලපත්‍ර

    මාර්තු 31, 2014

    මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පදිංචි කිරීමට යෝජිත ගොවි පවුල් සඳහා ඉඩම් බලපත්‍ර ඊයේ (30) පෙරවරුවේ බකමුණ මහසෙන් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ප්‍රදානය කරන ලදී.


    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. මෙහිදී ගොවි පවුල් 2000ක් සඳහා ඉඩම් බලපත්‍ර පිරිනැමුණි.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙවර දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජනතාව නැවතත් රජයේ වැඩපිළිවෙළ අනුමත කරමින් රජයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දී ඇතැයි පැවසීය.

    මේ අවස්ථාවට සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරිආරච්චි, වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී රාජකරුණා, මොරගහකන්ද කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේරත් බණ්ඩා යන මහත්වරු එක්ව සිටියහ.


    NDH/WK-BG-dmu Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya