අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ වෙසක් පහන් කූඩු තරගයක්

    අප්‍රේල් 01, 2014

    මේ වසරේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පහන් කූඩු තරගයක් නුවරඑළිය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.


    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගන් තොණ්ඩමාන් මහතාගේ සංකල්පයකට අනුව මෙම වෙසක් පහන් කූඩු උළෙල පැවැත්වීමට කටයුතු සැලසුම් කෙරේ.

    මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    දිස්ත්‍රික්කය පුරා සියලුම සිංහල, දෙමළ, මුස්ලිම් සහ කතෝලික පාසල් සියල්ල ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහනෙහි මූලික අරමුණ ආගමික සංහිඳියාව වඩාත් ඉහළ ඇගයීමකට ලක් කිරීමයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05 ආවරණය වන පරිදි ජයග්‍රාහකයන්ට එක් කලාපයක් සඳහා සම්පූර්ණ ත්‍යාග මුදලින් රුපියල් ලක්ෂ 13ක මුදලක් වෙන් කොට තිබේ. රුපියල් මිලියන 6.5ක මුදලක් මෙම වෙසක් පහන් කූඩු තරගය සඳහා වැය කිරීමට නියමිත අතර එක් අධ්‍යාපන කලාපයක පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා විශේෂ මුදල් ත්‍යාගද 4වන ස්ථානයේ සිට 10වන ස්ථානය දක්වා සැනසිලි මුදල් ත්‍යාගද පිරිනැමීම සිදු වේ. එම මුදල්, ජයග්‍රාහී පාසලේ භෞතික සංවර්ධන කටයුතු සඳහා යොදා ගත යුතු අතර මෙම වැඩසටහන් සඳහා අධ්‍යපන දෙපාර්තමේන්තුවේ උපදේශන සේවාවන්ද හිමි වීමට නියමිතය. පළමු ස්ථාන ලබාගන්නා කලාප 05ට අදාළ පහන් කුඩු 05 හුණුපිටිය ගංඟාරාමයේ වෙසක් කලාපයෙහි ප්‍රදර්ශනය කිරීමට ද අවස්ථාව හිමිවේ.

    මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ සිද්ධස්ථාන සහ ආරක්ෂක අංශ මෙන්ම සියලුම අධ්‍යාපන ඒකකයන්හි සහය ලබා ගැනීමට නියමිත අතර තරගාවලිය සඳහා ඉදිරිපත්වන දිස්ත්‍රික්කයේ පාසල්වල නාමලේඛනය අප්‍රේල් 05 දිනට පෙර පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

    NDH/SH_dmu_nuvaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya