අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුන්දර නුවරඑළියේ වසන්ත සැණකෙළිය උත්කර්ෂවත් ලෙස

    අප්‍රේල් 02, 2014

    සුන්දර නුවරඑළියේ වසන්ත සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඊයේ (01) ආරම්භ විය. නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත නුවරඑළිය නගර මධ්‍යයේ සංවිධානය කෙරුණු මෙම සමාරම්භක උළෙලෙහි ප්‍රධාන ආරධිත අමුත්තා වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතායි.


    අද සිට අප්‍රේල් 30 දක්වා මෙම වසන්ත සැණකෙළිය නුවරඑළියේදී පැවැත්වෙනු ඇත. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සැණකෙළිය මෙවරත් නුවරඑළිය මහ නගර සභාව මඟින් සංවිධානය කෙරිණි.


    දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ මෙය 1988 වසරේ සිට වඩාත් විධිමත්ව අඛණ්ඩව සෑම වර්ෂයකම පවත්වා තිබේ. දිවයිනේ සියළු පෙදෙස්වලින් පැමිණෙන දේශීය සංචාරකයන් මෙන්ම විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකු මේ කාලපරිච්ඡේදය තුළ නුවරඑළිය කරා සංක්‍රමණයවීම බහුලව දැකගත හැක. එම කාල සීමාව තුළ තුරඟ තරග, මෝටර් රථ හා යතුරුපැදි තරග, මල් ප්‍රදර්ශන, දිවා රාත්‍රී සංගීත සංදර්ශන සහ විවිධ සංස්කෘතිකාංගවලින් මෙය විචිත්‍රවත් වේ.


    මේ කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ද දියත් කර තිබේ. දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සිය දායකත්වය මේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් ලබා දී ඇත.


    සමාරම්භක උළෙලේ සුවිශේෂී අංගයක් ලෙස පැවති පාසල් තූර්ය වාදක කණ්ඩායම් 35 කාගේත් අවධානයට ලක්වූ අතර උළෙල අවසානයේ ඔවුන්ට සහතිකපත් බෙදා දීමද සිදු කෙරිණි.

     

    NDH/SH-dmu nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya