මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය

    මාර්තු 29, 2014
    ලිය අබිමන් සංවිධානය දිවි නැගුම වැඩසටහන සමග එක්ව ඉදිරි වසර තුන ඇතුළත ගම්පහ දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභී සියලු පවුල්වල ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ අවධානය යොමු කරන බව ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් රැසක් මේ වන විට ලබාදී ඇති බවත් ඒ මහතාගේ ඊළඟ අපේක්ෂාව වන්නේ ජනතාව ආර්ථික අතින් ශක්තිමත් කිරීම බවත් පෙන්වා දුන් පුෂ්පා රාජපක්ෂ මහත්මිය ලිය අබිමන් සංවිධානයද ඊට එක්ව කටයුතු කරන බවද සඳහන් කළාය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන සති පොළවල් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මීරිගම පල්ලේවෙල සහ ජා ඇළ ජොසිටාවත්ත ප‍්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ දිවි නැගුම සතිපොළවල් දෙක ඉකුත්දා ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවති උත්සව අමතමින් ඒ මහත්මිය මේ බව ප‍්‍රකාශ කළාය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ප‍්‍රකාශ කර සිටියේ රජය ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලබන සතිපොළවල්, ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන හා වෙනත් ගොඩනැගිලි කාලයක් භාවිත කළ හැකි අයුරින් පවත්වාගෙන යාම ජනතාවගේ වගකීම බවයි. දිවි නැගුම වැඩසටහන යටතේ නිෂ්පාදනය කරනු ලැබූ ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ගමේ ජනතාවට සාධාරණ මිලට අලෙවි කිරීම සහ පාරිභෝගිකයින්ට ඒවා පහසු මිලට ලබා ගැනීමට මෙම දිවිනැගුම සති පොළවල් හරහා අවස්ථාව උදාවන බවත් එම ආහාරවල සහ භාණ්ඩවල ප‍්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය රැක ගැනීමට මෙවැනි පොළවල් ඉවහල් වන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙහිදී අදහස් දැක්වූ සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප‍්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් ජරාජීර්ණ බවට පත්ව තිබූ සතිපොළවල් ඉතා උසස් මට්ටමේ ප‍්‍රමිතියකට අනුව නිර්මාණය කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවය මෙන්ම නගරයේ අලංකාරත්වයද ඇති වී ඇති බවයි. ඒ වෙනුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පුද කරන බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම ලිය අබිමන් වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා උදාකර ගනු ලැබූ දිරිය කතුන්ගේ නිර්මාණ අලෙවිය සඳහා පොළ නොපැවැත්වෙන දිනවල ජොසිටාවත්ත පොළ ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.
     
    මෙම අවස්ථාවන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක, මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි, ජා ඇල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් නිශාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya