අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2024 වන විට නිවාස ඒකක 40,000 ක් ජනතා අයිතියට පත්කිරීමේ ඉලක්කයක්

    ජනවාරි 23, 2019

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කයයි. 

    අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී.

    අද දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප‍්‍රතිලාභීන් ලෙස දෙමටගොඩරාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාවස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත.

    රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විතය. මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්‍ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත. 

     

    2016/17/18 වර්ෂ තුළදී ජනතා අයිතියට පත් කළ නිවාස ව්‍යාපෘති,

    නිවාස ව්‍යාපෘති  නිවාස ගණන

    මුවදොර උයන (ෆර්ගියුෂන් පාර)                  -      254

    සියසෙත සෙවණ (ප‍්‍රදීපා මාවත)                    -      266

    ජයමග සෙවණ (මහවත්ත)                           -      68

    ලක්හිරු සෙවණ (මාළිඟාවත්ත)                    -      192

    මෙත්සඳ සෙවණ (හේනමුල්ල)                     -      218

    ලක්සඳ සෙවණ (කොලොන්නාව)                 -      792

    ලක්සෙත සෙවණ (මාළිඟාවත්ත)                  -      480

    සියපත් සෙවණ (දෙමටගොඩ)                      -      437

    මෙත්සඳ සෙවණ (හේනමුල්ල)                     -      722

    අංගොඩ                                                     -      500         (මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය)

    එකතුව                                                      -      3,929

    2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති

    නිවාස ව්‍යාපෘති                                         නිවාස ගණන

    සියපත් සෙවණදෙමටගොඩ                              -        266         (ජනවාරි 22 වන දින ජනතා අයිතියට)

    මට්ටක්කුලිය 1                                                        -          1,647     (අපේ‍්‍රල් මාසය)

    මට්ටක්කුලිය 2                                                        -          1,076     (අපේ‍්‍රල් මාසය)

    අලූත් මාවත 1                                                         -          576         (අපේ‍්‍රල් මාසය)

    අලූත් මාවත 2                                                         -          672         (අපේ‍්‍රල් මාසය)

    මාළිගාවත්ත                                                      -        576

    කොලොන්නාව                                                 -        696

    කොළඹගේ මාවතකොළඹ 05                            -          615

    කාලිංඝ මාවතකොළඹ 05                                   -          528

    ටොරිංටන් මාවත                                               -        120

    කිඹුලා ඇලබ්ලූමැන්ඩල්                                   -        472

    601 වත්ත,බ්ලූමැන්ඩල්                                      -        450

    එකතුව                                                           -        7,694

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya