මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් මිලියන 250 වැය කරමින් ඉදිකරන ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනම් කරයි

    ජනවාරි 01, 2019

    ඩොලර් මිලියන 250 වැය කරමින් ඉදිකරන ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම්කෙරේ.

    මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව අතර ඇති වැරදි මත තුරන් කර,අවබෝධයක් ඇති කිරීමෙන් අනතුරුව ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

    උතුරු පළාතේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව පැවති සාකච්ඡාවට මූලාසනය හොබවමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව පැවසුවේය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ හකීම් මහතා, ඉරණමඩු ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතිය පිළිබඳව වාරි මාර්ග අමාත්‍යාංශය සමඟ කරන ලද සාකච්ඡාවෙන් එකඟතාවයට පැමිණ ඇතත් ,යාපනයට පානීය ජලය ලබා දීම පිළිබඳව මෙම ප්‍රදේශයේ ගොවියන් සහ පානීය ජල පාරීභෝගිකයන් අතර ගැටලුවක් මතු වී තිබෙනවා.මෙම ප්‍රශ්නයට විකල්ප අප විසින් ඉදිරිපත් කර ඇති අතර.ඉරණමඩු ජලාශය සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා ඩොලර් මිලියන 20ක් ලබා දීමටද බලාපොරොත්තුවන යාපනයේ ජකතාවට සෙත සැලසීමට කිලිනොච්චි ගොවියන් අතර අවබෝධය ඇති කළ යුතුය.

    ජල ගාස්තු වැඩි නොකර නියඟ ඇතිවන කාලවල පමණක් පානීය ජල ලබා දීමට මෙම ව්‍යාපෘතිය යොදා ගැනීමට තීරණය කර ඇත්තෙමු. ඩොලර් මිලියන 250ක් වැය කරමින් ඉදි වෙමින් පවතින ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.නමුත් ඉරණමඩු ජලාශයෙන් ජලය ලබා ගැනීමට මතු වී තිබෙන ගැටලුව නිසා මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබෙනවා.

    සමහර දේශපාලන හා ප්‍රදේශවාසී ප්‍රශ්න නිසා ඉරණමඩු සිට යාපනයට ජලය ගෙන යාම පිළිබඳව ගැටලු මතුවී තිබෙනවා මෙම ප්‍රශ්න නිසා මුදල් ආධාර ඇනහිටුවීමේ වාතාවරණ ඇති වී තිබෙනවා.මෙයට ඉක්මන් විසඳුමක් ලබාගෙන යාපනයට පානීය ජලය ලබා දිය යුතුයි.පානීය ජලය ලබා දීමෙන් ගොවිතැනට අවශ්‍ය ජලයෙන් හිඟයක් ඇතිනොවන බව ගොවි ජනතාව තේරුම් ගත යුතුයි.විශාල මුදලකින් දියත් කරන මෙම ව්‍යාපෘතිය අතරමග නැවැත්වීමට ඉඩ දිය යුතු නොවන බවත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya