අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයනය ඉළක්ක කර ගනිමින් මොනරාගල අන්නාසි වගා කලාපය ඇරඹේ

    ඔක්තෝබර් 14, 2018

    අපනයනය ඉළක්ක කරගනිමින් මෙරට ඉදි කෙරුණු ප්‍රථම අන්නාසි වගා සංවර්ධන කළාපය ඊයේ (13) පස්වරුවේ මොනරාගල මැල්ලගම දී ආරම්භ විය. 

     

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම අන්නාසි වගා සංවර්ධන කළාපය තුළ අක්කර භාගය බැගින් ඒකක 75ක් ස්ථාපිත කර තිබේ. එම කලාපය තුළ ගොවීන් 75ක් අන්නාසි වගා කරන අතර ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය, ගොවි උපකරණ මෙන්ම තාක්ෂණික දැනුම හා තම අස්වැන්න අලෙවි කර ගැනීමට අවශ්‍ය වෙළෙඳ පොළ සපයා දීම ද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අන්නාසි වගා කළාපය ස්ථාපිත කළ අතර එම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් රැසක් සහභාගි වු සිටියේය.

    මෙම අන්නාසි වගා කළාපය තුළින් පළමු වාරය තුළ අපේක්ෂිත අස්වැන්න ගෙඩි ලක්ෂ 05කි. දෙවැනි වාරයේ එය දෙගුණයක් වන අතර එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 05ක් සිට ලක්ෂ 10ක් දක්වා මුදලක් වසරකට ආදායම් වශයෙන් ලබා ගැනීමට හැකිවේ. වසර 04ක් තුළ එක් ගෙවියෙකුට රුපියල් 31ලක්ෂයක ආදායමක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම සැලසුම සකස් කර තිබේ.

    ගොවීන්ට අවශ්‍ය විසිරි ජල තාක්ෂණ උපකරණ, ජල පොම්ප, ඇසුරුම් පෙට්ටි, ඇතුළුව එක් අයෙකුට ඊයේ දිනය තුළ ලබා දෙන ලද සම්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 03කි. ඒ අනුව ලක්ෂ 225ක් වටිනා උපකරණ රැසක් ඊයේ ගොවීන් වෙත බෙදා දීම සිදුවිය.

    අපේ රටේ රසවත්ම අන්නාසි පිළිබඳ වාර්තා වන්නේ මොනරාගල ප්‍රදේශයෙනි. විශේෂයෙන් මෙම මැල්ලගම ප්‍රදේශයේ පවතින සෞම්‍ය දේශගුණික තත්ත්වය නිසා අන්නාසි ඉතාමත් රසවත් බව කෘෂිකර්ම විද්වතුන්ගේ මතයයි.

    මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අපේ රටේ රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වැළැක්වීමට නම් හැකි තරම් අපනයනය ඉළක්ක කර ගත් නිෂ්පාදන රට තුළ වැඩි කළ යුතු බවයි. එසේ නොකර ආණ්ඩුවට හෝ ඇමරිකාවට දොස් නැගිම පළක් නැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. කෘෂිකර්ම අමාත්‍යාංශය වර්තමානයේ අපනයනය ඉළක්ක කර ගනිමින් ගොවීන් වගා කිරීමට උනන්දු කරවීම සඳහා වගා කළාප ආරම්භ කළ බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya