අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට නොර්වේ අතහිත

    ඔක්තෝබර් 15, 2018

    ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණික දැනුම ඔස්සේ සංවර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබාදීම සඳහා නෝර්වේ රජයේ පාර්ලිමේන්තුව එකඟතාවය පළ කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

     කතානායක කරූ ජයසූරිය මහතාගේ උපදෙස් මත නෝර්වේ රාජ්‍යය බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ වී ඇත.

    මෙම සංචාරයට රජයේ මෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ද ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගි වී තිබේ. එම දූත පිරිසේ ප‍්‍රධානත්වය දරනු ලැබුවේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසිනි.

     මේ පිළිබඳව අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා; නව තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නොර්වේ රාජ්‍යයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව එරට පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා. ඉදිරි කාලසීමාව තුළ ඊට අදාළ වැඩසටහන් සකස් කිරීම පිළිබඳව නෝර්වේ සහ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු වීමට නියමිතයි යැයි සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya